Skip to main content

Posts

Showing posts from July, 2017

"සිදූ" එකේ තෙරුණි අවසානෙට "සමනළ සංධ්වනියේ" ආදීශට ඉගියෙන් හා කියනවා මෙන්න

කාලෙකින් දකින්න ලැබුන වෙනස් විදියේ සිංදුවක්. "මගේනේ" කසුන් මහේන්ද්‍ර ලියපු, මංජුල බන්ඩාර සංගීතවත් කරපු මේ ලස්සනම ලස්සන සිංදුව ගායනා කරන්නේ "සමනළ සංධ්වනිය" චිත්‍ර පටයෙන් රංගන දක්ෂතා පෙන්නපු වාදීශ එහෙමත් නැත්තන් "Soorya Dayaruwan" ඒ වගේම මේ සිංදුවට කාගෙත් හිත් ඇදිලා යන විදියේ ලස්සනම ලස්සන වීඩීයෝ එකකුත් කරලා තියනවා.. ඔයාලත් බලලම කියන්නකො කොහොමද කියලා

මුණ ගැහුම!!

මුණ ගැහුම!! අපේ අක්ක කසාද බඳින්නෙ මං O/L පාස්වෙලා A/L කරන්ට ගත්තු හැටියෙ.මං O/L අහවර වෙච්චි හැටියෙ ගෙදරට ගෑනු පරාණයක් උස්සන් ඒවි කියන සාධාරණ සැකය නිසා දෝ කොහෙද අම්මල විග විගහටම අක්කණ්ඩිගෙ මගුල ඉස්සර කරා.ඉතිං ඔන්න ඔය විදියට ඒකත් ජයසිරි මංගලං කියල 2012 අවුරුද්දෙ මාර්තු 18 වෙනිද දෙයියංගෙ නාමෙන් අපේ මස්සිනා කාරයටත් නාස් ලණුව වැටුන.ඌට නාස් ලණුව වැටුනට මොකද මට රත්තරං මුද්දකුත් හම්බවුණාලු ඉතිං. ඒ දවස්වල අපිට ගම්පහ ක්ලාස් තිබුණෙ ඉරිද දවසෙ.අර කලින් පෝස්ටුවකින් කියපු පස්ට් ලවු එකත් එක්ක තමයි මම ක්ලාස් යන්නෙ.දවසක් හවස මම බණ්ඩාර සෑර්ගෙ පංති අහවරවෙලා, අක්කලගෙ දිහාවෙ ගියෙ,එදා රෑ අම්මයි,තාත්තයි ගෙදරක ගියපු කාරනේ හින්දලු. (දැන්නම් ඉතිං ඒ වගේ දවස්වලට තමයි ගෙදර ඉන්ටම බලන්නෙ.ඒ කාලෙ ඉතිං පොඩි එවුන්නෙ.ඒ හැටි දැනුමක්,තේරුමක් නෑ අපට) ඉතිං නැණික් ඉසවුව පහුකරල පාලමෙන්හෙම එතෙරවෙලා අතපටලවාගෙන ගිහිං මම කෙල්ලව 205කට ඇරලවල,ආපහු රේල් ගේට්ටුවෙන් පැනල 270ට ඇවිත් ගුවන්තොටුපොල බස් එකක දකුණු පැත්තෙ මුල්ලට ගිහිං වාඩි වුණා .ඒත් එක්කම ඊට ඉස්සරහට සීට් එකේ කෙලවරේ උන්නු ගෑනු ළමය යන්තමට වගේ මා දිහා හැරිල බැලුව වගක් ම...

වැස්ස

එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එකක් වත් නතර කලේ නෑ..අනේ මට හරි සීතලයි.. හරිම සීතලයි ඒ මදිවට මුළු ඇගම තෙමිලා. ලා නිල්පාට සාරීය හොදටම ඇගට ඇලිලා මට කාගෙවත් මූණවත් බලන්න ලැජ්ජයි.. මම එතනින් ටිකක් ඉස්සරහාට ගිහින් බැලුවා කවුරුවත් අදුරන කෙනෙක් ඉන්නවාද කියලා..එක පාරටම මගේ සාරිය පුරාවටම මඩ ඉහගෙන නතර කලේ ලස්සන සුදු පාට කාර් එකක්... " අනේ.....අහිංසා නංගි නේද " මට නුපුරුදු ඒත් හදවතට හුරු කටහඩක් කාර්එක ඇතුලෙන් ඇහුනේ මම මදක් ඒ දෙස බැලුවේ දන්න කෙනෙක්නම් ගෙරට යන්න පුළුවන් කියන හැගීමෙන්ය. " අනේ කුසල් අයියා...මෝඩයා කවදද ලංකාවට ආවේ " " ඊයේ ආවේ නංගි...කෝ නගින්න. මටත් පිස්සු කෙල්ල තෙමෙද්දි කතා කරනවා " හොදට වටපිට බලා මම කාර් එකට නැන්ගේ ලොකු සතුටකින්.මොකද දැන් බය වෙන්න දෙයක් නෑ...කාරය පිටුසප තිබූ පොඩි තුවායක් මගේ අතට දුන් කුසල් අයියා හොරහින් මං ගේ උඩ ඉදන් පහළටම බලන බව නම් මට හොදටම දැනුනි " අහිංසා.... දැන්ද off වුනේ......." " ඔව් අනේ......මේ වැස්ස මාව කෑවා " ...

Facebook මායාකාරී

Facebook මායාකාරී ( මෙය මාගේ ෆේස්බුක් යාලුවෙක් විසින් මාහට කියන ලද ඔහුගේ ආදර කතාව බව කරුණාවෙන් සලකන්න. ) එක දවසක් වෙනදා වගේම පංති ගිහින් ඇවිත් ධනුෂ්ක ගෙදර ආව ගමන්ම දුරකථනය අතට ගත්තා. උදේ පංති යද්දි දාලා ගියපු අලුත් selfie යට ලැබුණ ලයික් කමෙන්ට් බලන්න ඔහු ෆේස්බුක් ලොග් උනා. " අනේ මංදා කොච්චර ෆොටෝ දැම්මත් ලයික් විස්ස තිහ තමයි ඉතිං එපා වෙනවා. බලන්න ඕනේ ඉස්කෝලේ උන්ගේ චැට් ගෲප් එක පැත්තේ ගිහින්වත්. " " ado khmd bn ubalata " " hodai danu khmda ubata ada clz giyada bn mt una ganila enna une na " " ou bn mn clz giya ko meke anith un " " anith un marila bn mun online htyath enne na me group eka paththe hari kammali bn " " hm eka nam aththa bn kammalie , ado senu mage 4to walata like comment dapan bn " " hari mcn ok dannam " " elaz ehenam mn giya tc " " hari mcn tc " පාසලේ චැට් ගෲප් එකේ එහෙම චැට් කරපු ධනූ වෝල් එක ඉහලට පහළට ගියා. ඒ යනකොට දැකපු ගැහැණු නම් තිබුණ profile කිහිපයකට ...

ඉඳුල්කු මාරී'

# ඉඳුල්_කුමාරී ' අතට ගත්තු කහට කෝප්පෙ බොන්න අල්ලට සීනි ටික හලා ගන්න හදලත් අමා ඒ ටික ආපහු බෝතලේටම දැම්ම.. තේ කහට උගුර මේ දවස් වල ගෙවන ජීවිතේ තරම් තිත්ත නෑ.. කුස්සියෙ දොර පලුවට හේතුවෙලා එහෙම්මම රූටලා පඩියෙ ඉඳගත්තා.. තාත්තා ඇඳට වැටිලා මාස දෙකකට වැඩියි.. නංගිට ලබන සතියෙ ආයෙම ඉස්කෝලෙ පටන් ගන්නවා...................... පොත් ලිස්ට් එක අරන් දෙන්නවත් විදියක් නෑ....... තාත්තා රස්සාවට යන කාලෙ නම් පන්තියෙ ලස්සනටම පිටකවර ටික දාපු පොත් ගෙනිච්චෙ මැදවත්තෙ ලමයි. 'මෙහෙමනෙ.. අපිට රෑ මේ වාහනේ පෙණුනෙ නෑ.. අඩුම තරමේ ලුමිනස් ස්ටිකර් එකක්වත් අලවල තිබ්බ නම් දුරට දකිනවා.. මටත් හිතට හරි අමාරුයි.. මේ සල්ලි ටික තියා ගන්න ... වන්දියක් විදියට නෙමේ.. ' තාත්තගෙ පුෂ් බයිසිකලේ හප්පපු ප්‍රයිවෙට් බස් අයිතිකාරය රුපියල් දාහෙ කොළ ටිකක් අත මිට මෙළෙව්වා.. 'මේක අරන් පස්සෙ පොලිසි ගානෙ එහෙම ගිහින් ආයෙ වාත කරන්න එපා. හරිද..' බල්ලට වඩා නටන්නෙ බලු නකුට නෙ.. බස් එකේ කොන්දොස්තරගෙ සද්දෙට අමා ඇස් කරකවලා බැලුවා.. ඒකා එහෙම්මම අහක බලා ගත්තා.. අසරණ වෙලා කියලා දැනගත්තම පුළු පුළුවන් විදියට තලා පෙලා ...

ආදරය...

ආදරය...  ------====------=====-------=====---- සුදු දෝණී... සුදු දෝණී...කෙල්ලගේ අම්මා කෑ ගහන සද්ද‍ේට ෆොන් එකේ වෝල් පේපර් එකට විරිත්ත විරිත්ත හිටපු කෙල්ල එලියට දුවගෙන ආවා කාමරෙන්... කී පාරක් කෑ ගැහුවාද ලමයෝ? කොයි ලෝකේද හිටියේ?? අම්මා කෝපයෙන් කෑ ගසද්දි කෙල්ල අම්මාගේ පිටිපස්සෙන් ඇවිත් කරවට අත් දෙක දමාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා.. කාමරේන‍ේ අම්මා.... වෙන කොහේ ඉන්නද සුදු අම්මී....කෙල්ල නැලවෙන්න පටන් ගත්තා.. ඔය ඉතින් මල කෝලම්... කෝ අර ලමයා කීයටද එනවා කිව්වේ?? අම්මා ඒ ගමන කෙල්ලගේ අත් දෙක බුරැල් කරලා තමන්ගේ මූණ ඉස්සරහාට කෙල්ලව ඇද ගන්න ගමන් ඇහුවා... එයා දැන් පැයකට විතර කලින් කතා කරද්දි නම් ඔෆිස් එකෙන් එලියට ආව ගමන් කිව්වා.. තවත් හදිස්සි ගමනක් ගිහින් ඒ ගමන්ම එන්නම් කියලා තමා කිව්ව‍ේ අම්මා රෑ කෑමටත් එක්ක... කෙල්ල අම්මාගේ අත් දෙක අල්ලගෙන ඩාන්ස් කරන්න වගේ නලවන ගමන් හිනාවෙවි කියද්දි අම්මාගේ මූණටත් හිනාවක් ඇදිලා ආවා.. අන්න මං සුදු කිරි එකක් හැදුවා... චූන් පාන් එකෙන් බනිස් වගයකුත් ගත්තා.. අර සායේ වාටිය මං පොඩ්ඩක් මහගන්නකල් දුව කිරි බීලා පහන පත්තු කරලා ඉන්නකෝ... කෙල්ලගේ අම්මා ම...