Skip to main content

Facebook මායාකාරී



( මෙය මාගේ ෆේස්බුක් යාලුවෙක් විසින් මාහට කියන ලද ඔහුගේ ආදර කතාව බව කරුණාවෙන් සලකන්න. )
එක දවසක් වෙනදා වගේම පංති ගිහින් ඇවිත් ධනුෂ්ක ගෙදර ආව ගමන්ම දුරකථනය අතට ගත්තා. උදේ පංති යද්දි දාලා ගියපු අලුත් selfie යට ලැබුණ ලයික් කමෙන්ට් බලන්න ඔහු ෆේස්බුක් ලොග් උනා.
" අනේ මංදා කොච්චර ෆොටෝ දැම්මත් ලයික් විස්ස තිහ තමයි ඉතිං එපා වෙනවා. බලන්න ඕනේ ඉස්කෝලේ උන්ගේ චැට් ගෲප් එක පැත්තේ ගිහින්වත්. "
" ado khmd bn ubalata "
" hodai danu khmda ubata ada clz giyada bn mt una ganila enna une na "
" ou bn mn clz giya ko meke anith un "
" anith un marila bn mun online htyath enne na me group eka paththe hari kammali bn "
" hm eka nam aththa bn kammalie , ado senu mage 4to walata like comment dapan bn "
" hari mcn ok dannam "
" elaz ehenam mn giya tc "
" hari mcn tc "
පාසලේ චැට් ගෲප් එකේ එහෙම චැට් කරපු ධනූ වෝල් එක ඉහලට පහළට ගියා. ඒ යනකොට දැකපු ගැහැණු නම් තිබුණ profile කිහිපයකට request කරා. ඒත් එක්කම ඒ වෙලාවෙම ඒ දමපු request එකක් accept කරපු නිසා ධනුක ඒ ගැහැණු ළමයා සමඟ චැට් එකට පිවිසියා.
" hi dr khmda "
" mt hodai oyata khmda dr "
" mth hodin ithin ithin oya nangida akkiyekda "
" mt 17y ethakota oyata ? "
" aaa mt nam 19y, ithin nangi mkda krnne oya "
" m na aiye me tv blnwa hari kammali "
" e moko ane e "
" nkn ithin aiya mkda krnne "
" mth me clz gihin dan awe nangi ithin oya koheda kyla qwe nane "
" kiyanna ithin oya ahuwe nane mm sinhapura , polonnaruwe "
" affata sinhapurada ehenam me lagane mth polonnaruwe "
" ha aiya mkda krnne ithin "
" mn me para A/L krnwa ethakota nangi "
" mn O/L krla result enakal aiye me gdrata wela inne "
" ehemada ithin ithin "
" ithin kithul "
" ammo meyage sara "
" sara na ane mn "
" hari nangi passe welawaka chat krmuko bs tc "
" hari aiya parissamen bs "
..............................................................
ධනූ දින ගණනාවක්ම ෆේස්බුක් එකෙන් මිතුරු උන " ශෙහානි " නැමති කෙල්ලෙක් එක්ක චැට් කරා. ඒ කෙල්ල ෆේස්බුක් එන වෙලාව බල බලා ධනුක නිතරම ඔන්ලයින් සිටියා.
" ithin nangi kohomada "
" hodai aiye kohomada "
" hodai mt oyage 4to ekak ewanna puluwan da ?"
" ewannam eth katawath dennepa aiye mechchara dawas oya mt chat krne naraka knk newei kyla hithalai mn ewanne "
" hari hari nangi ewanna "
💃 ශෙහානි ධනුකට ඇගේ ජායාරූපයක් යැව්වා.
" shaa godak lassanaine. "
" thankq aiye oyath kalu unata lassanai "
ශෙහානි සිහින් සිරුරක් හිමි කෙනෙකු වරක් දැක්කම නැවත හැරී බැලීමට සිතෙන තරම් ලස්සනකින් යුතු යුවතියක් උනා. ධනුෂ්ක ඒ තරම් ලස්සන නැති කළු කොල්ලෙක්.
දවස් කිහිපයක් චැට් කිරිමෙන් අනතුරුව ධනුෂ්කගේ හිතේ ශෙහානි ගැන ආසාවක් ඇති වෙන්නේ ඉබේමයි. ( " ආදරය නෙවෙයි ආශාව" කතාව කිව්ව කෙනා මට කිව්වේ එහෙමයි. ) පස්සේ පස්සේ ශෙහානිගෙන් ධනුෂ්ක ඇහුවා ඇය කැමති කොහොම කොල්ලෙක්ටද කියලා. ඒ චැට් කරපු එක දවසක ඇය ඔහුට කියා තිබුණේ තමාට තවම කොල්ලෙක් නැහැ කියලයි. ඉතිං ඔහු ඇය කැමති විදිහට ඇගෙන්ම කරුණු විමසා වෙනස් උනා. ඒ ඔහු තුල ඇය කෙරෙහි උනන්දුවක් ඇති නිසයි. මුලින්ම ආදරෙයි කියන්න ඔහුට බැරි උනත් ඇය කැමති ලෙස වෙනස් වී ඔහු ඇගෙන් ආදරේ විමසුවා.
" nangi mn oyata adarei eda chat krpu mulma dawasemai mt oya gana adare hithune oya mt kamathi da "
" ane ba aiye api yaluwo wage imu mt danma katawath adare krnna ba "
" eth ai nangi e mt adare krnna bari mn oya kamathi widihata wenas una thawa dewal thiyenawa nan mn ewath hadagannam "
" na aiye api yaluwo wage imu "
" ha ehema imu nangi mt oyawa tikak meet wenna barida please "
" puluwan eth winadi 5kata harida "
" ane ha nangi mm ennam hospital junction ekata oyath enna harida "
" ha aiye heta 12.30 weddi mn ethanata ennam "
" hari nangi budusaranai "
" budusaranai "
........................................................
පසුදා උදෑසනේ සිටම ධනුෂ්ක සිත සිතා සිටියේ ඇයව බැලීමටයි. එදා ඔහු ලෑස්ති වෙනකොටම ශෙහානිගෙන් කෙටි පණිවිඩයක් ආවා.
" ane aiye ada mt enna wenne na mt hodatama una "
" ha kmk na nangiyo ehenam oya beheth ganna bs "
ඇයට කෙටි පණිවිඩය යවලා ඔහු ඇදට වැටිලා කල්පනා කරා.
" කොල්ලෙක් නෑ කියලනේ ශෙහානි මට කිව්වේ එයා මේ හැසිරෙන විදිහට මට හිතෙන්නේ එයා මට ආදරෙයි කියලා. "
ධනුෂ්ක ගත උන හැම තත්පරේම එහෙම හිතුවා. අනාගතේ ගැන ගොඩක් හීන මැව්වා. ඒ ඇය ඔහුට ආදරෙයි වත් කියන්න කලින්.
ධනුෂ්ක නිතර නිතර ඔන්ලයින් ගියා. ශෙහානි එක්ක චැට් කරා. ඒ හැමදාම ඔහු ඇගෙන් ආදරේ ඉල්ලුවා. ඔහුගේ හිතට ඇය ආදරෙයි කියලා දැනෙන්න එක එක ඉඟිපෑවා. ධනුෂ්ක ඇය ආදරේ වෙලත් ඔහුට නොකියන බව සිතා කෙසේ හෝ සිතේ තියෙන ආදරේ එළියට ගන්නවා යැයි සිතුවා.
ඔහු විටෙක අත කපාගත්තා. ආදරෙයි නංගි කියලා කොළවල ඒ ලේ වලින්ම ලියලා ඇයට පෙන්නුවා. ඒත් ඔහුට ඒ දැනුන වේදනාව ශෙහානිට දැනුන බවක් පෙනුනේ නම් නෑ.
කාලය ගෙවිලා ගියා ශෙහානිගේ O/L result එක ආවා. ඇය විෂයන් 8ක් සමත් වී 5ක් සම්මාන අරන් තිබුණා. එදා ධනුෂ්ක ගොඩක් සතුටු උනේ ඇගේ දියුණුව සතුට ඔහුටත් ලොකු සතුටක් වුන නිසයි. ශෙහානිට රිදෙන වෙලාවක දුකක් ප්‍රශ්නයක් වෙලාවට ධනුෂ්ක ළඟම ඉදන් ඇගේ හිත සැනසූ අවස්තාද නැතුවම නෙවෙයි.
ආදරේ නිසා ඔහු ඔහුගේම ගතට බලපෑම් සිදු කරගත්තත් ඇයට වචනෙකින්වත් හිරිහැරයක් කලේ නම් නෑ. දවසක් ඔහු වස බොන්න ගියා. ඇයට වස බොනවා යැයි කීවත් ඇය එය ගණන් ගත්තේවත් නෑ. පසුව ඔහු වස බොන්න යන විට ඔහුගේ මව නිසා එය මඟෑරුණා. ධනුෂ්ක තම මවට බොහෝ සෙයින් ආදරය කලා.
ඔහොම ඉදලා ඉදලා තව තවත් ධනුෂ්ක ඇගෙන් ආදරේ ඉල්ලුවා. එක දවසක් ඇය කිව්වේ ඉන්න මං තව දවස් දෙකකින් රෑ වෙලා ඔයාට උත්තරයක් දෙන්නම් කියලා. එදා ධනුෂ්ක ගොඩක් සතුටු උනා ශෙහානි ආදරෙයි කියයි කියලා.
බලන් ඉදලා ඉදලා ඒ දවස උදා උනා. ධනුෂ්ක ගොඩක් වෙලා බලන් ඉදලා ඇයට කෙටි පණිවිඩයක් යැව්වා.
" ko ithin oya nane "
" inna aiye mm cl krnnam oyata tikakin "
" ha nangi mm innam "
එදා ධනුෂ්ක ශෙහානිගේ කෝල් එක එනකල් බලන් හිටියා ගොඩක් වෙලා. අවසානයේ ශෙහානිගෙන් කෝල් එකක් ධනුෂ්කට ආවා.
" හෙලෝ "
" ආ හෙලෝ ධනුෂ්ක "
( කතා කරේ පිරිමි කෙනෙක් නිසා ධනුෂ්ක නිහඬ උනේ මේ මොකද මේ කියලා සිතමින් " " )
" මම ශෙහානිගේ boyfriend මචං උඹ මෙයාට කරදර කරනවා කියලා මට කිව්වා ඇත්තද මේ අහ් "
" අනේ නෑ මචං sry එයා මට කියලා තිබුණේ නෑ කොල්ලෙක් ඉන්නවා කියලා හරි මං ආයේ කරදරයක් වෙන්නේ නෑ බුදුසරණයි "
" හරි මචං ආයේ එපා බුදුසරණයි "
සිද්ධ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව ධනුෂ්ක හොල්මන් උනා. ශෙහානිගේ දුරකථනයෙන් පිරිමි කෙනෙක් කතා කරාම ඔහුට එය එක වර හිතාගන්න බැරි උනා.
" ඌ කිව්වේ නම් boyfriend කියලා එතකොට මෙච්චර රෑ එයාලා මොකද කරන්නේ. අනේ මංදා මේ කෙල්ලො නම් "
ධනුෂ්ක එසේ සිත සිතා ගත උන දවස් ගැන මතක් කර කර හැඬුවා. ගොඩක් දුක් උනා. ඇය ඔහුට ආදරෙයි කියා නොකිව්වත් ආදරේ දැනෙන්න ආශ්‍රය කරපු නිසා ඔහු සිතුවේම ඇය තමාට ආදරෙයි කියලාමයි. ඔහු දිනෙන් දින සිතින් වැටුනා. " ආදරේ කියන්නේ මොකක්ද මෙහෙම කෙල්ලොන්ට පුළුවන් ද බලාපොරොත්තු ඇති වෙන විදිහට බොරුවට හැසිරෙන්න. " ඔහු නිතරම එසේ සිතන්නට උනා.
කාලය ටිකක් ගෙවිලා ගියා. ධනුෂ්කට ශෙහානිව අමතක කරන්න බැරි උනා. එකක් ඇඟේ බොරු ආදරය ඔහුට දැනුන විදිහ මතක් කර කරම ඇඩුවා. ඇය ගැන ඔහුගේ හිතේ තිබුණ මතකය අමතක කල නොහැකිම උනා.
දවසක් ධනුෂ්කට නොදන්නා අංකයකින් ඇමතුමක් එනවා.
ඒ ඇමතුම වෙන කගෙන්වත් නෙවෙයි ශෙහානිගේ boyfriend ගෙන්.
" ඒ කොහොමද බං මං ශෙහානිගේ බෝයි එදා උඹේ නම්බර් එක මං ගත්තේ "
" අහ් කියපන් බං "
" නෑ බං ශෙහානි උඹට බලාපොරොත්තු දුන්න එක හෙන වැරදියි "
" උඹ කොහොමද එයා මට බලාපොරොත්තු දුන්නා කියන්නේ "
" නෑ බං හිතුණා නිකමට "
" ඉතිං කෝ බං ශෙහානි උඹලගේ වෙඩිම මටත් කියපන් මාත් එන්නම් හරිද "
" පිස්සුද යකෝ ඒකිව බදින්න මට පිස්සු නෑ මේ ජෝක් එකට බං "
" ඒ කියන්නේ එතකොට අඩෝ මේ ශෙහානිව රැකපන් "
" හික්ස් පිස්සුද බං ඒකි දැනටමත් මං එක්ක රූම් යනවා බං මේවා ලව් නෙවෙයි ආතල් එකට විතරයි "
" ඕවා ගොඩක් පව් වැඩ බං අතෑරපන්කෝ "
" පිස්සුද බං මේවා ෆන් වැඩ මං තිබ්බා එහෙනම් බුදුසරණයි "
" අනේ බං උඹ ආදරේ කරපන් ශෙහානිට ඒකි උඹට ආදරෙයි "
ධනුෂ්කගේ එම ඇමතුමේ අවසන් වචන කිහිපය කියද්දිත් ඔහු දුරකථනය විසන්ධි කර අවසානයි. .
...........................................................
ධනුෂ්ක අදටත් හිමි නොවුන ආදරය ගැන තව තවත් සිතමින් වැළපෙමින් ජීවිතේ ගෙවනවා. ඔහුගේ ජීවිතේ ඒ තිබුණ විදිහමයි. දශමෙකින්වත් ඉහළට ගියේ නෑ ඔහු.
ශෙහානි තමන්ට ආදරේ නැති රාගයට විතරක් ලොල් උන පිරිමියෙක් ගේ ආශාවල් සංසිඳුවන්නේ බිත්ති හතරකට කොටු වී ඔහු තමාට ආදරෙයි යැයි විශ්වාස කරමින්.
...................................................................
" තමන්ට ආදරෙයි කියලා හිතට දැනුනොත් කෙනෙක් ඔහු හෝ ඇය වෙනුවෙන් ඉවසන්න ඔවුන් ඔබට ආදරේ නෑ කියලා කියනවා නම් ඔබ ඔබේ ජීවිතේ හදාගන්න නිකං බොරුවට තව ශරීරයටවත් හිතටවත් දුක් දෙන්නෙපා. ඔබ දෙදෙනෙක් කලක් පණට පණ සේ ආදරේ කර ආදරේ නෑ යැයි පවසා දුරස් වී තනියෙන් සිටී නම් ඔවුන් වෙනුවෙන් ඔබේ කාලය කැපකළාට කමක් නෑ. වෙනකෙකු ළඟට නොගිහින් ඔවුන් එසේ සිටින්නේ ඔබට ඔවුන් තවමත් ආදරේ නිසා විය හැකියි. "
" ෆේස්බුක් එකෙන් අපිට කෙනෙක් කොහොමද කියලා තේරුම් ගන්න බෑ. ඒත් අපි ළඟ නිතරම දැවටෙන අයට නැති හොද ගති ඔබට හමුවෙන ෆේස්බුක් මිතුරන්ගේ තිබිය හැකියි. ළඟ සිට තේරුම් ගන්න නොහැකි අය සිටිය හැකි වගේම සයිබර් ලෝකයේද අනිත් සැවොම කියනා ලෙස රවටන අය වගේම ඇත්තටම ආදරේ අයත් සිටිය හැකියි. "
" හැමදාම කියනවා වගේ ඔබ ඔබේ හිතට දැනෙන ආදරේ විශ්වාස කරන්න. ඔබට ආදරේ අයෙක් කිසිම විටෙක ඔබට රිදෙනවා බලා නොසිටියි. යම් හෙයකින් ඔබ ඔබට රිදුනොත් ඔවුන් දක්වන ප්‍රතිචාරය ඔබේ හදවතට දැනෙයි නම් විතරක් ඔවුන් විශ්වාස කරන්න. "
...........................................................
 චතූ හෙට්ටිආරච්චි 

Comments

Popular posts from this blog

වැස්ස

එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එකක් වත් නතර කලේ නෑ..අනේ මට හරි සීතලයි.. හරිම සීතලයි ඒ මදිවට මුළු ඇගම තෙමිලා. ලා නිල්පාට සාරීය හොදටම ඇගට ඇලිලා මට කාගෙවත් මූණවත් බලන්න ලැජ්ජයි.. මම එතනින් ටිකක් ඉස්සරහාට ගිහින් බැලුවා කවුරුවත් අදුරන කෙනෙක් ඉන්නවාද කියලා..එක පාරටම මගේ සාරිය පුරාවටම මඩ ඉහගෙන නතර කලේ ලස්සන සුදු පාට කාර් එකක්... " අනේ.....අහිංසා නංගි නේද " මට නුපුරුදු ඒත් හදවතට හුරු කටහඩක් කාර්එක ඇතුලෙන් ඇහුනේ මම මදක් ඒ දෙස බැලුවේ දන්න කෙනෙක්නම් ගෙරට යන්න පුළුවන් කියන හැගීමෙන්ය. " අනේ කුසල් අයියා...මෝඩයා කවදද ලංකාවට ආවේ " " ඊයේ ආවේ නංගි...කෝ නගින්න. මටත් පිස්සු කෙල්ල තෙමෙද්දි කතා කරනවා " හොදට වටපිට බලා මම කාර් එකට නැන්ගේ ලොකු සතුටකින්.මොකද දැන් බය වෙන්න දෙයක් නෑ...කාරය පිටුසප තිබූ පොඩි තුවායක් මගේ අතට දුන් කුසල් අයියා හොරහින් මං ගේ උඩ ඉදන් පහළටම බලන බව නම් මට හොදටම දැනුනි " අහිංසා.... දැන්ද off වුනේ......." " ඔව් අනේ......මේ වැස්ස මාව කෑවා " ...

ඉසු

සුපුරුදු විදියට මම සිංදුවක් කිය කිය නනා හිටියේ.. නාලා ඉතින් මම කාමරයට ගියා ගිය ගමන් අතට ගත්තේ ඇද උඩ තිබුනු මගේ phone එක msg 1k තිබුනා සුවර් එකට මගේ පන ඉසුරි වෙන්න ඇති...අම්මේ ඉතින් එයා මගේ ජීවිතේ මගේ 1 ආදරේ දැන් අපේ love එකට මාස 6ක් විතර... අම්බේ ඉක්මනට reply දාන්න ඕනේ නැත්තම් මගේ මැනිකට කේන්ති යනවා.. Isu bbi-: me nethuka mta oyawa danma hambenna one ikmnta api wenada hambena tanata enna. Mn 4 weddi enawa. කවදාවත් නැතුව එයා මට නෙතුක කියලා එවලා මගේ ආදරේ වැඩි කමට මගේ හිතට අමුත්තක් දැනුනා මම ඉක්මනට ඇදුමක් දාගෙන මගේ හුටු හුටුවත් අරගෙන මගේ බොක්කා රෝහිත්වත් දාගෙන මම හැටට හැටේ පාගේන පාක් එකට ගියා එතකොට මගේ පන ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...මම එයා ලගට ගියා එයා මගෙන් අතින් අල්ලගෙන මාවත් ඇදගෙන අපි මුලින්ම හම්බුනු ඒ තැන ඒ බංකුව ලගට මාව එක්කගෙන ගියා.. නෙතුක මට දෙයක් කියන්න තියෙනවා .. ඇයි රත්තරනේ කවදාවත් නැතුව මගේ නම කියන්නේ .... නෙතුක මේ මම දැන් ඔයාගේ රත්තරං නෙමේ... ඒ වචනෙන් මගේ කන දෙදරන්නට වුනා මොකක්ද ඉසු ඒ කිව්වේ.. අයියේ මන් ඔයාට කැමති නැහැ ..මගේ ඇස් වලට කදුලූ ආවත් හිතේ දුක තද කරන්...

ආදරය...

ආදරය...  ------====------=====-------=====---- සුදු දෝණී... සුදු දෝණී...කෙල්ලගේ අම්මා කෑ ගහන සද්ද‍ේට ෆොන් එකේ වෝල් පේපර් එකට විරිත්ත විරිත්ත හිටපු කෙල්ල එලියට දුවගෙන ආවා කාමරෙන්... කී පාරක් කෑ ගැහුවාද ලමයෝ? කොයි ලෝකේද හිටියේ?? අම්මා කෝපයෙන් කෑ ගසද්දි කෙල්ල අම්මාගේ පිටිපස්සෙන් ඇවිත් කරවට අත් දෙක දමාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා.. කාමරේන‍ේ අම්මා.... වෙන කොහේ ඉන්නද සුදු අම්මී....කෙල්ල නැලවෙන්න පටන් ගත්තා.. ඔය ඉතින් මල කෝලම්... කෝ අර ලමයා කීයටද එනවා කිව්වේ?? අම්මා ඒ ගමන කෙල්ලගේ අත් දෙක බුරැල් කරලා තමන්ගේ මූණ ඉස්සරහාට කෙල්ලව ඇද ගන්න ගමන් ඇහුවා... එයා දැන් පැයකට විතර කලින් කතා කරද්දි නම් ඔෆිස් එකෙන් එලියට ආව ගමන් කිව්වා.. තවත් හදිස්සි ගමනක් ගිහින් ඒ ගමන්ම එන්නම් කියලා තමා කිව්ව‍ේ අම්මා රෑ කෑමටත් එක්ක... කෙල්ල අම්මාගේ අත් දෙක අල්ලගෙන ඩාන්ස් කරන්න වගේ නලවන ගමන් හිනාවෙවි කියද්දි අම්මාගේ මූණටත් හිනාවක් ඇදිලා ආවා.. අන්න මං සුදු කිරි එකක් හැදුවා... චූන් පාන් එකෙන් බනිස් වගයකුත් ගත්තා.. අර සායේ වාටිය මං පොඩ්ඩක් මහගන්නකල් දුව කිරි බීලා පහන පත්තු කරලා ඉන්නකෝ... කෙල්ලගේ අම්මා ම...