Skip to main content

වැස්ස


එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එකක් වත් නතර කලේ නෑ..අනේ මට හරි සීතලයි.. හරිම සීතලයි ඒ මදිවට මුළු ඇගම තෙමිලා.
ලා නිල්පාට සාරීය හොදටම ඇගට ඇලිලා මට කාගෙවත් මූණවත් බලන්න ලැජ්ජයි.. මම එතනින් ටිකක් ඉස්සරහාට ගිහින් බැලුවා කවුරුවත් අදුරන කෙනෙක් ඉන්නවාද කියලා..එක පාරටම මගේ සාරිය පුරාවටම මඩ ඉහගෙන නතර කලේ ලස්සන සුදු පාට කාර් එකක්...
" අනේ.....අහිංසා නංගි නේද " මට නුපුරුදු ඒත් හදවතට හුරු කටහඩක් කාර්එක ඇතුලෙන් ඇහුනේ මම මදක් ඒ දෙස බැලුවේ දන්න කෙනෙක්නම් ගෙරට යන්න පුළුවන් කියන හැගීමෙන්ය.
" අනේ කුසල් අයියා...මෝඩයා කවදද ලංකාවට ආවේ "
" ඊයේ ආවේ නංගි...කෝ නගින්න. මටත් පිස්සු කෙල්ල තෙමෙද්දි කතා කරනවා "
හොදට වටපිට බලා මම කාර් එකට නැන්ගේ ලොකු සතුටකින්.මොකද දැන් බය වෙන්න දෙයක් නෑ...කාරය පිටුසප තිබූ පොඩි තුවායක් මගේ අතට දුන් කුසල් අයියා හොරහින් මං ගේ උඩ ඉදන් පහළටම බලන බව නම් මට හොදටම දැනුනි
" අහිංසා.... දැන්ද off වුනේ......."
" ඔව් අනේ......මේ වැස්ස මාව කෑවා "
" හාහා.. වැස්සට බනින්න එපා...මොකද වැස්ස නැත්නම් අද ඔයාව meet වෙන්නෙත් නෑනේ..."
කුසල් අයියා පොඩි කාලේ මගේ හොදම යාළුවා පස්සේ එයා ඕසි ගියා..මම හිතුවේ දැන් එයා පන්ඩිත වෙලා ඇති කියලා
" නංගි මොකද කල්පනාව "
දරාගන්නට බැරි හීතලත් එක්ක ac කාර් එකක මම කොල්ලෙක් එක්ක තනිවුනා.අනේ ඒකත් කුසල් අයියා එක්ක..ඇත්තටම මට දැනුනේ සතුටත්.අපේ පරණ සම්බන්ධකම් එකින් එක කුසල් අයියා මතක් කරන්නට වුනේ මගේ අකුණතද තද කර අල්ලාගෙනය.
හීන් සීරුවේ ඇද හැලුණු මහා වැස්ස දැන් මට සහනයක්.අනේ " ස්තූතියි වැස්ස " මටත් නොදරනිම මම කුසල් අයියාට සමීප වුනා...කලින් වගේම කුසල් අය්යා ලග සුවදයි....ඒ උණුහුම හරියට අපේ අප්පච්චිගේ පපුවේ මට දැනෙන උණුහුම වගේමයි.
මටත් නොකියාම කුසල් අයියා කාර්එක මදක් පාරෙන් ඉවතට වෙන්න නවත්තලා මාව එයාගේ පපුව ලගට තද කරගත්තා.මය මං ගැනම පුදුමයි මමත් කුසල් අයියාට සහයෝගය දුන්නා මිස විරුද්ද වෙන්න තරම් හැකියාවක් වත් උවමනාවක් වත් තිබුනේ නෑ ........
" චූටි මැණික,ඔයා අද කලින්ටත් වඩා ලස්සනයි" කුසල් අයියා එහෙම කියලා හීතලට ගැහි ගැහී තිබ්බ මගේ පපුව මත ඔළුව තියා ගත්තා.ඒ අතර මගේ ඉනෙන් තදකර අල්ලාගෙන මගේ මුළු මූණම සිපගන්න වුනේ දරාගත නොහැකි තරම් ආදරයකින් බව මට දැනුනා.
" අනේ.....කුසල් අයියා "
මගේ කතාවට කුසල් අය්යාගේ සුලගිල්ල බාදාවක් වුනා..
" මුකුත් කියන්න එපා කෙල්ලේ.....මං තාම ආදරෙයි "
ඒ සීතල,ඒ වැස්ස මට ලැජ්ජයි මුළු වැස්සම අපි දාිහා බලාගෙන..අනේ මට ලැජ්ජයි.ඒ වගේම කුසල් අයියාට ආදරෙයි....
" රත්තරං මහත්තයෝ...." මෙතෙක් මගේ හැගිම් පාලනය කරගෙන හිටිය මං කුසල් අයියාගේ බෙල්ල බදාගෙන ඒ දෙතොලේ පහස වින්දේ හරිම නිස්කලංකවමයි අනේ කොච්චර ලස්සනද මතක් වෙද්දි තාමත් ඇග හිරිවැටෙනවා
" චූටි නංගි....අපි marry කරමු මම ගෙදරින් අහන්නම් අද හෙටම " කිසිම පිරිම් හිතකට හිත නොගිය මං අද රාගික වුනා ඒ වගේම ආදරණිය වුනා..මගේ ඇවිස්සුණ කෙස් රොදක් අතින් ඉවත් කල කුසල් අයියා මගේ මුළු බෙල්ලම සිප ගන්න වූයේ මාව පිස්සියෙක් කරමින්ය
ඒ වෙද්දි මගේ phone එක ring වෙන්න වුනේ නැත්නම් එදා මමයි කුසල් අය්යායි ගොඩාක් දුර යන්න තිබුනා.මගේ බිමට වැටී තබූ සාරි පොට නැවත පැලදගත් මා
" මැට්ටෝ මාව ගෙදරට ඇරලවන්න "
®®®®®®®®®®®®®®®®®®®®®®®®®®
මට තාමත් මතකයි ඒ දවස..අද කුසල් අයියා මගේ මහත්තයා වෙලා අපි කොච්චර සතුටින් ඉනනනවාද.ආදරෙයි මං වගේ කුසල් අයියාට..හැමදාම වගේ අපි අදටත් ආසයි ඒ වැස්සට
ඒ වැස්ස වහින වාරයක් පාසා මගේ මුළු ඇගම කිති කැවෙනවා...අනේ මංදා ...
සීත වැහි දිය...
ගතම රිදවා....
සිතේ හැගුමන්....
හොදට කැන්⁣දා.....
ආදරේ සුර ලෝක පෙන්නා....
අදත් වැස්සා මාව තෙම්මා....
තව දවසක හම්බුවෙමු......

Comments

Popular posts from this blog

ඉසු

සුපුරුදු විදියට මම සිංදුවක් කිය කිය නනා හිටියේ.. නාලා ඉතින් මම කාමරයට ගියා ගිය ගමන් අතට ගත්තේ ඇද උඩ තිබුනු මගේ phone එක msg 1k තිබුනා සුවර් එකට මගේ පන ඉසුරි වෙන්න ඇති...අම්මේ ඉතින් එයා මගේ ජීවිතේ මගේ 1 ආදරේ දැන් අපේ love එකට මාස 6ක් විතර... අම්බේ ඉක්මනට reply දාන්න ඕනේ නැත්තම් මගේ මැනිකට කේන්ති යනවා.. Isu bbi-: me nethuka mta oyawa danma hambenna one ikmnta api wenada hambena tanata enna. Mn 4 weddi enawa. කවදාවත් නැතුව එයා මට නෙතුක කියලා එවලා මගේ ආදරේ වැඩි කමට මගේ හිතට අමුත්තක් දැනුනා මම ඉක්මනට ඇදුමක් දාගෙන මගේ හුටු හුටුවත් අරගෙන මගේ බොක්කා රෝහිත්වත් දාගෙන මම හැටට හැටේ පාගේන පාක් එකට ගියා එතකොට මගේ පන ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...මම එයා ලගට ගියා එයා මගෙන් අතින් අල්ලගෙන මාවත් ඇදගෙන අපි මුලින්ම හම්බුනු ඒ තැන ඒ බංකුව ලගට මාව එක්කගෙන ගියා.. නෙතුක මට දෙයක් කියන්න තියෙනවා .. ඇයි රත්තරනේ කවදාවත් නැතුව මගේ නම කියන්නේ .... නෙතුක මේ මම දැන් ඔයාගේ රත්තරං නෙමේ... ඒ වචනෙන් මගේ කන දෙදරන්නට වුනා මොකක්ද ඉසු ඒ කිව්වේ.. අයියේ මන් ඔයාට කැමති නැහැ ..මගේ ඇස් වලට කදුලූ ආවත් හිතේ දුක තද කරන්...

ආදරය...

ආදරය...  ------====------=====-------=====---- සුදු දෝණී... සුදු දෝණී...කෙල්ලගේ අම්මා කෑ ගහන සද්ද‍ේට ෆොන් එකේ වෝල් පේපර් එකට විරිත්ත විරිත්ත හිටපු කෙල්ල එලියට දුවගෙන ආවා කාමරෙන්... කී පාරක් කෑ ගැහුවාද ලමයෝ? කොයි ලෝකේද හිටියේ?? අම්මා කෝපයෙන් කෑ ගසද්දි කෙල්ල අම්මාගේ පිටිපස්සෙන් ඇවිත් කරවට අත් දෙක දමාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා.. කාමරේන‍ේ අම්මා.... වෙන කොහේ ඉන්නද සුදු අම්මී....කෙල්ල නැලවෙන්න පටන් ගත්තා.. ඔය ඉතින් මල කෝලම්... කෝ අර ලමයා කීයටද එනවා කිව්වේ?? අම්මා ඒ ගමන කෙල්ලගේ අත් දෙක බුරැල් කරලා තමන්ගේ මූණ ඉස්සරහාට කෙල්ලව ඇද ගන්න ගමන් ඇහුවා... එයා දැන් පැයකට විතර කලින් කතා කරද්දි නම් ඔෆිස් එකෙන් එලියට ආව ගමන් කිව්වා.. තවත් හදිස්සි ගමනක් ගිහින් ඒ ගමන්ම එන්නම් කියලා තමා කිව්ව‍ේ අම්මා රෑ කෑමටත් එක්ක... කෙල්ල අම්මාගේ අත් දෙක අල්ලගෙන ඩාන්ස් කරන්න වගේ නලවන ගමන් හිනාවෙවි කියද්දි අම්මාගේ මූණටත් හිනාවක් ඇදිලා ආවා.. අන්න මං සුදු කිරි එකක් හැදුවා... චූන් පාන් එකෙන් බනිස් වගයකුත් ගත්තා.. අර සායේ වාටිය මං පොඩ්ඩක් මහගන්නකල් දුව කිරි බීලා පහන පත්තු කරලා ඉන්නකෝ... කෙල්ලගේ අම්මා ම...