Skip to main content

මුණ ගැහුම!!

මුණ ගැහුම!!

අපේ අක්ක කසාද බඳින්නෙ මං O/L පාස්වෙලා A/L කරන්ට ගත්තු හැටියෙ.මං O/L අහවර වෙච්චි හැටියෙ ගෙදරට ගෑනු පරාණයක් උස්සන් ඒවි කියන සාධාරණ සැකය නිසා දෝ කොහෙද අම්මල විග විගහටම අක්කණ්ඩිගෙ මගුල ඉස්සර කරා.ඉතිං ඔන්න ඔය විදියට ඒකත් ජයසිරි මංගලං කියල 2012 අවුරුද්දෙ මාර්තු 18 වෙනිද දෙයියංගෙ නාමෙන් අපේ මස්සිනා කාරයටත් නාස් ලණුව වැටුන.ඌට නාස් ලණුව වැටුනට මොකද මට රත්තරං මුද්දකුත් හම්බවුණාලු ඉතිං.
ඒ දවස්වල අපිට ගම්පහ ක්ලාස් තිබුණෙ ඉරිද දවසෙ.අර කලින් පෝස්ටුවකින් කියපු පස්ට් ලවු එකත් එක්ක තමයි මම ක්ලාස් යන්නෙ.දවසක් හවස මම බණ්ඩාර සෑර්ගෙ පංති අහවරවෙලා, අක්කලගෙ දිහාවෙ ගියෙ,එදා රෑ අම්මයි,තාත්තයි ගෙදරක ගියපු කාරනේ හින්දලු.
(දැන්නම් ඉතිං ඒ වගේ දවස්වලට තමයි ගෙදර ඉන්ටම බලන්නෙ.ඒ කාලෙ ඉතිං පොඩි එවුන්නෙ.ඒ හැටි දැනුමක්,තේරුමක් නෑ අපට)
ඉතිං නැණික් ඉසවුව පහුකරල පාලමෙන්හෙම එතෙරවෙලා අතපටලවාගෙන ගිහිං මම කෙල්ලව 205කට ඇරලවල,ආපහු රේල් ගේට්ටුවෙන් පැනල 270ට ඇවිත් ගුවන්තොටුපොල බස් එකක දකුණු පැත්තෙ මුල්ලට ගිහිං වාඩි වුණා .ඒත් එක්කම ඊට ඉස්සරහට සීට් එකේ කෙලවරේ උන්නු ගෑනු ළමය යන්තමට වගේ මා දිහා හැරිල බැලුව වගක් මට යන්තමට වගේ තේරුණා.
සමස්තයක් විදියට කාටත් පාහේ හෙලන, මයෙ කුපාඩි හිනාව දැම්ම විතරයි මේකි ඉස්සරහ පැත්ත බලපි.දැං මයෙ ඇහැ ඒකි දිහාවට එල්ලවෙලා හරියට හෙඩ්ලයිට් එළිය වැටුන ට්‍රැපික්‍ රාලහාමි කෙනෙක් වගේ.
කෙල්ලගෙ වැඩි සුකුරුත්තං පාටක් තිබුණෙ නෑ.නෝමල් ස්කර්ට් ඇන්ඩ් සී සර්ට් ඇඳල උන්නු ඒකිගෙ ඇස් දෙකෙන් මම දැක්ක කාන්තියක් වගේ අමුතුම දෙයක්. ඒකිගෙ කොණ්ඩෙත් පට් දිගයි. කෙල්ල ගොඩක් අහිංසක පාටයි.ඒක කවියකට නඟන්ට තරං මං හපනෙක් නොවුණ එක හැබෑව.
දැන් ඉතින් කෙල්ල ඉස්සරහ සීට්ටුවෙ.මං ඒකිගෙ කෙලින්ම පස්සෙ ආසනේ.ඒ මදිවට චීන්නු නාකසාකිවලට බෝම්ම දාන්නැහැ පස්ට් ලවු එකෙන් මැසේජ් එනව හෝ ගාල.ඒවට රිප්ලයි කරන්ටත් බයයි දැන් අර කෙල්ල ඕක දකියි කියල.
කොන්දොස්තර අංකලුත් ඇවිල්ල,
"මැද පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්ට"
කියල, බස් එකේ හිටං උන්නු උදවියට අවවාද කරලහෙම,
"පිටිපස්සෙ වාඩි වෙලා ඉන්න අය සල්ලි ගන්ට"
කියල කෑගැහුවෙ හරියට බැලුං එක ඉරිච්ච සප්පිනා එකක් වගේ.
"ඔයාල කොහෙටද ?"
කොන්දොස්තර මහත්තය දැන් අරකිගෙනුයි, යාළුවගෙනුයි අහනව.
උන් දෙන්නම ටිකට් ගත්තෙ රද්දොළුවට.ඒ කියන්නෙ සීදුව කිට්ටුව.
"හ්ම්ම්ම්ම්ම්ම්......
මිනුවන්ගොඩට යනකන් ටයිම් තියෙනව.ට්‍රයි එකක් දාල බලමුකො"
ඇඟට වදින හුලං පාරත් එක්ක මං මටම කියාගත්ත.
ඒ කාලෙ කොල්ලොත් පාවිච්චි කලේ අර හැඹිලිය වගේ දිග පර්ස් ජාතියක්.ලයිට් කාරයගෙ ටෙස්ටර් නියන වගේ ඕකත් දාන්නෙ ඉතිං ඩෙනිම් කලිසමේ ඉස්සරහ පැත්තෙ දකුණු සාක්කුවෙ.මම හොරාට වගේ පර්ස් එක අතට අරං අතපත ගාල බැලුවම,කැන්ඩි එකේ බිල් කෑල්ලක පිටිපස්ස ලියපු ටෙලිපෝන් නම්බරයක් ඉතිරිවෙලා තිබුණ.
මම හිමීට ඒකත් අතට ඇරගෙන,හෑන්ඩ් ප්‍රී කුට්ටමත් කනේ ගහගෙන සාන්ත,දාන්ත,
තීත්ත කුප්පිය වගේ බස් එකේ යනව.කෙල්ලත් දැන් කළුපොල් මාළුවට පොල් අඹරන්නැහැ කුටු කුටු ගගා යාළුවත් එක්ක මොනවදෝ මන්ද කියවගෙන යනව.
ඒ අතරට පොඩිපහේ හිරිකඩේකුත් ගියා වේලිලා තිබ්බ ආලහිත්වලට මයිලෝ එකක් බීවහෙ ප්‍රබෝධයක් එන්ට කියල.
ඒත් එක්කම මම පිටිපස්සෙ වීදුරුව මෑත් කරන්ට දැඟලුවෙ හරියට ජුරාසික් පාක් එකේ ඩයිනෝසරය වගේ.කොහොමිං කොහොමහරි කෙල්ලට ඒක තේරුම් ගියාඉන් පස්සෙ ඒකි ඒ පැත්තෙං පොඩියට තල්ලුවක් දුන්නෙ හරියට කුරුපා තියන්ට බැරුව වහල ගැහිල්ල නවත්තල උන්නු මක බාස්ට යතුකැටෙයි,
කියතයි නැති හොඳ බාස් හම්බවුණා වගේ.
කොහොමින් කොහොමහරි ඒකිගෙ පිහිටෙන් මම වීදුරුවත් වහගත්‍ත.
ගම්පහින් හයයි දහයට විතර අද්දපු බස් එක 6.20,6.25 වෙද්දි උඩුගම්පොලත් පහුකරල වීදියවත්ත හරහ එන්ට එන්ටම මිනුවන්ගොඩට කිට්ටු වෙනව.ඒ හුලං පාරට ඒකිගෙ දිග කොන්ඩ ගස් ඇවිත් මයෙ කටේ හේඩ වුණෙත් හරියට වැලේ වැල් නැතුව තලු මර මර උන්නු එකාට සත පනගෙ පෙපර්මින්ට් එකක් හම්බවුණා වගේ.කෙල්ල ඉස්සරහටත් වැඩිය පස්සට පට්ට ලුක්.කොහොමත් රිවෙස් එකනෙ ට්‍රයල් එකේදිත් තදටම බලන්නෙ.
ඉතින් ඔය විදියට ඒ කාලෙ අහපු මල් සින්දු ලෝකෙකුත් එක්ක නොදැනිම බස් එක පල්ලිය පාස් කරගෙන,අඹගහ හන්දියට ආව.
මාත් දැං උඳුගොවුවො කාපු මයින වගේ
නොඉවසිල්ලයි,බඩල්ගම පාරෙ බස් එකයි එක්ක ලොකු ජල්තරේකට පැටලිලා උන්නෙ.හෑන්ඩ් ප්‍රී කුට්ටමත් අකුලල බෑග් එකෙන් තියල,සෙල්පි කැමරාවෙන් කොන්ඩෙහෙම බලල හරිගස්සගත්තු මම,නොම්බර කෑල්ලත් මිටමොලවගෙන සීට්ටුවට වෙලාම උන්නෙ හදිසිකාරඉන්ට බැහැගන්ට ඇරල,බස් එකේ තද බදේ අඩුවෙද්දිම නොම්බර කෑල්ල උඩු හුළඟෙ පාවෙන්ට නොදී කෙලීගෙ බෑග් මල්ලටම ඔබන්ට හිතාගෙන.
මිනුවන්ගොඩ බෝධියත් පහුකරල, පාලමෙනුත් එගොඩ වුණු බස් එක රවුන්ඩ බෞඩ් එකෙන් වමට හරවල බරාස් ගාල බ්‍රේක් පාර ගහල නවත්තනකල්ම මම සීට් එකෙන් හෙල්ලෙන්නැතුව උන්නෙ හරියට සිල්ගත්තු පිළිහුඩුවෙක් වගේ.
එකා,දෙන්න බස් එකෙන් බැහැ ගනිද්දි මමත් නැගිටල අරකි දිහා බලල ලාවට වගේ හිනාවක් දානකොටම,කෙල්ල කටට ලේන්සුව තද කරගෙන බිමබලා ගත්තෙ හරියට,හඳ එළියට බය වෙච්චි මුව පැංචියක් වගේ.මම ඒත් එක්කම ඒකිගෙ බෑග් එකේ ඇරල තිබුණ මාරු කාසි දාන පොකැට් එක ලයින් කලා.
හඳුන් දිවියෙක් වාගෙ හීන්සැරේ පොකැට් එක ඇතුලටම වෙන්ට නොම්බරේ ලියපු තුන්ඩු කෑල්ල වැටෙන්ට ඇරපු මම,ආයෙමත් හීන් හිනාවක් දාල,ක්ෂණික පටස් බස් එකෙන් මාරු වුණා.
දන්සල් කාලෙට එළිබහින ඔළු බක්කො වගේ ආයෙම තුන්හතර වතාවක් ක්ලාස් යන අතරතුරේදි ඒකි මයෙ දෑහැට මුරිච්චි වුනත් ෆස්ට් ලවු එකට හොරා ගේම ගහගන්ට තරම් ඒ දොහේ මට හැකියාවක් ලැබුණෙ නෑ.නමුත් හැමදාම උදේට හම්බුවෙන ගමේපාරේ බස් එක වගේ කෙල්ලව ටිකෙන් ටික මයෙ දෑහැට හුරු වීගෙන ආව.ඊට පස්සෙ ලයිට් එක නිවපුවාම හොයාගන්ටත් බැරිවෙන මෙරු රෑන වගේ කාලයත් එක්ක ඒකි මයෙ දෑස් මායිමෙන් ගිලිහිලා යනව.ඒ එක්කම ඒ සීන් කෝන් එකත් මයෙ මෙමරියෙන් අතුගෑවිලා ගිය අතර ඊටපස්සෙ මම ෆස්ට් ලවු එකත් එක්ක සතුටු සාමීචියේ යෙදිල ඉන්නකොට තමයි ඇන්ටාක්ටිකා මුහුදෙ ගිලුනු නැවක නටඹුන්
උඩ මතුවෙනව වගේ රුපියල් දෙසීයෙ කපල් සිම් කතන්දරේත් එක්ක හච් කොම්පැනිය ලංකාවෙ මාර්කට් එකේ උඩින් මත්තෙන් මතුවෙන්ට පටන් ගන්නෙ.
ඉතින් කෙල්ල දවසක් පුස්තකාලෙ ගිහිං එනකොට හච් කුඩයක් යට ඉඳල ඇලඩින් වගේ එකපාර මතුවෙච්චි යෝධයෙක් ඇවිත්, බලේට වගේ මේකිටත් ඔය කපල් සිම් ජෝඩුවක් කරේ ගහල.ඊටපස්සෙ ඉතින් ඒකිගෙන් විසුමක් නැතිවෙච්චි තැන එයාටෙල්වලින් හච්වලට මාරුවෙන්ට මටත් සිද්ධ වෙනව.
2014 අවුරුද්දෙ අග හරියට එද්දි පික්චරේ හොඳම සීන් ටිකට කොටු කොටු දැම්ම වගේ මයෙ ෆස්ට් ලවු එකත් දෙදරා යන්නෙ,අර කියපු කපල් සිම් කතාවත් අහවර කරාගෙන.ඊට පස්සෙ ආයෙමත් මං සුපුරුදු එයාටෙල්වලට බහිනව.
ඉතින් ඔය විදියට ඉද්දි මේ මෑතකදි අපි ගේනව විකුණන්ට කියල ටවුන් ඒස් ලොරියක්.
ලොරිය අපේ අතේ තියෙනකල් වෙනදට බයික් එකේ ගිය ගමනුත් ලොරියෙ යන්ට තරම් ලොරිය මයෙ හිතට අල්ලල ගියා.ඔරිජිනල් සස්පෙන්ෂණ් ආපු,සැහැල්ලු ඉංග්‍රීසි නොම්බර ලොරිය ඇල්ටො එකකට වඩානම්,මට සිරා සැපක් දුන්නු වාහනයක්.
හරියටම ලොරිය විකුණපු දවසෙ උදේ නවය හමාරට,දහයට විතර.ලොරියෙ A/C එකට ගෑස් ගහන්ට සල්ලි ගන්ට කියල,මං මිනුවන්ගොඩ පෑන්ඒසියා බැංකුව ඉස්සරහ ලොරිය නවත්තල ATM එකෙන් සල්ලි අරගෙන ලොරියට ගොඩවෙද්දිම ගිනිමද්දහනෙ කතුරු ඔන්චිල්ලාව කැරකෙනවහෙ මෙන්න බොලේ අර කෙල්ල එනව නයිවල දිහාවෙ ඉඳන් තනියම කුඩේකුත් ඉහලගෙන.දැන් කෙල්ල ටිකක් මොඩ් වෙලා.අර දිගටියට තිබ්බ නැචුරල් කොන්ඩෙත් කරන්ට් එක වැදිල වාගෙ කීරි කීරි වෙලා.ඇඟත් කලිංට වඩා පිරුණු පාටයි.මේකි දැකපු හැටිය මට උන්හිටි තැන් අමතක වෙලා ගියා.
මම දැන් සූක්සමාකාරව කෙල්ලට ඉස්සරවෙන්ට දුන්න.ඒකි මාව පහුකරගෙන ගිහිං ලොරියෙ ඉස්සරහ බපර් එක ගාව හිටගද්දිම,මං ගැහුව නේද හෝන් පාරක් නිකං මල්ටි බැරල් ගහන්නැහැ.මයෙ හෝන් පාරට කෙල්ලත් ගැස්සිලා ගිහිං කාලිඅම්ම බලනව වගේ බලපි නේද මයෙ දිහා.
මට තේරුම් ගියා එන පොට නරක වග.
මේකි දැං අංසක අනූවට විතර බෙල්ල කරකවල,තව අංසක පහක් විතර අතිනුත් කරකවන්ට වගේ පස්ස බලනකොටම,මම අහිංසක හිනාවක් දාල මේකිත් එක්ක කතාවට වැටෙන්ට ගෑරුප්පුව ගැහුව.
"එක්ස්ක්‍යුස් මී!
අනේ සොරි ආ!!
මම හිතුවෙ නෑ හෝන් එක ඔවාට ඒ තරම් අවුල් විදියට වදියි කියල.ඔයාට කතා කරන්න ඕන නිසයි මම හෝන් කලේ.ඔයාට මාව මතකද? "
මයෙ වදන් පෙල ගාව ඒකිගෙ තරහවත් ඇල්සෝඩ බෝතලේ ටොනික් මූඩිය කැඩුන වාගෙ එකපාර වාස්ප වෙලා යන්ටෑති.මේකි නෝමල් හිනාවක් දාල මාත් එක්ක හිනාවෙච්චි.
"ආ.....ඔවුනෙ.
මේ තුෂර නේද??"
"ඔවු! කොහොමද ඔයා මගෙ නම දන්නෙ?"
"මං ඔයාට ගෙදර ගිහින් ටෙක්ස්ට් එකක් දාන්නම්කො"
කෙල්ල හිනාවක් දාගෙන යන්ට හැදද්දි,
"ටෙක්ස්ට් දාන්න ඔයා ගාව මගෙ නම්බර් එක තියෙනවද?"
මං පොඩ්ඩක් වාත සීන් එකට මෙවුව වුණා.
"ඔවු අනේ.මං ගාව තියෙනව"
"කොඉ නම්බර් එකද?"
"ඉන්නකො"
මේකි ෆෝන් එකේ කන්ටෑක්වලට ගිහින් මයෙ නම්බරේ අරන් පෙන්නුව.
"මේ නම්බර් එක නේද?"
"ඔවු"
මම තෘෂ්ණිංභූතවෙලා වගේ ඒකිගෙ මූණ දිහා බලාගෙන හිටියෙ හරියට නුවර පෙරහැර බලනව වගේ.
"මං ගෙදර ගිහිං ටෙක්ස්ට් එකක් දාන්නම්කො.ඔයා මගෙ FB එකෙත් ඉන්නව.අයිය බලන් ඉන්නව ඇති හලෝ මං යනව බායි!!"
මට දැං මේක ලොකු ප්‍රෙහේලිකාවක්. A/C වැඩපලට වෙලත් මම බාස්සුන්නැහේ වැඩේ කරන දිහා බලාගෙන ඉතියෝපියාවට ටෞන්ඒස් එකේ යන්ට වාගෙ බර කල්පනාවක උන්නෙ.
1.මේකි කොහොමද
මගෙ නම දැනගත්තෙ?
2.මේකි කොහොමද
මාව බුකියට ඇඩ් කර
ගත්තෙ?
3.කවුද අයිය කියන්නෙ?

ඉතිං ඔය විදියට A/C එකට ගෑසුත් ගහගෙන,සෙට් එකේ සිංදුවකුත් දාගෙන අක්කලගෙ ගෙදරට යනකොටම ලොරිය අරගෙන ගියපු මාතර ගොයිය ගම්පහට ඇවිත්.ඊටපස්සෙ පොරට එහෙට එන්ට පාරහෙමත් කියල,පොර එන දිහා බල බල තමා අපි දැන් ලොරිය හෝදන්නෙ.
පක්චාත් භාගෙං දුම් දමාගෙන දැන් මමයි,මස්සිනයි දෙන්න ලොරිය අතුල්ලනව දෙකට බෙදිල.
ඊටපස්සෙ එකොලහට විතර අර මම කියපු මාතර මෑන්ස්ල දෙන්න ඇවිත් ලොරිය බලල ගණුදෙනුව කරන්ට OK කියනව.
ඊටපස්සෙ ඒ ඩබලත් එක්කම අපි දෙන්නත් බැංකුවට ගිහිං,ඩොක්‍යුමන්ට් වැඩත් අහවර කරල, ආයෙම ගෙදර එන්ට කියල රෞන්ඩා බවුඩ් එකෙන් හරවද්දිම,
මරියාන ආගාදෙට ඇප්.ඉසෙඩ් එකෙං ගියා වගේ අර කෙල්ල,කොල්ලෙකුත් එක්ක ගියා නේද රවුන්ඩ බවුඩ් එකෙන් වමට හරවල.
කඩා වැටුනු හිතත් එක්කම තුංවෙනි ප්‍රස්නෙට නිසි පිළිතුරක් එතනදිම මට ලැබුණ.ඒත් අනිත් ප්‍රස්න ටිකට උත්තරයක් ලැබෙනකං මං පට්ට නොඉවසිල්ලෙන්.
ආයෙමත් මං රෑ අටට විතර අක්කලගෙ ගෙදර ඉඳල මස්සිනා කාරයගෙ බයික් එකත් අරගෙන අපේ දිහාවෙ ආවෙ පහුවදා ඕපන් එකේ ලෙක්චර්ස් යන්ට හිතාගෙන.ඊට පස්සෙ පහුවදා ලෙක්චර්ස් යන්ටෝනෙ කරන බඩු මුට්ටු,ඇඳුම් ආදිය ලක ලෑස්‍ති කරල,මං බුකියට පෙරැලෙද්දි ලෝකාන්තෙ මුදුනෙ හිටං සුළුදිය පහකරන්නාක් මෙන් පිරිමි ප්‍රොපයිලේකිං සමනලාකාරව,මට #Hi කියල මැසෙජ් එකක් එනව.
සාමාන්‍යයෙන් මේකෙ ඉන්න අසහනකාරයංගෙ තතු දන්න නියාවෙන් මං ඊට රිප්ලයි කරන්ට ගියෙ නෑ.
ආයෙමත් විනාඩි පහලොවකින් විතර මට මැසෙජ් එකක් එනව,
"තුෂර මම අසවලාය.
අද අර දවාලෙ මීට් වුණේ"
කියාගෙන.
ටහිකේ!!
මට දැන් ස්ථිරයි මේ අර කෙල්ලට සම්බන්ධ කුමක් හෝ පාරසවයක් විත්තිය.නමුත් ඒ ඒකිමද කියල ඒ වෙද්දිත් මට ප්‍රශ්නාර්ථයක්.
"කෝල් මී!"
ඩෝන්ට් කෙයාර් බසින් මම රිප්ලයි කොටල යවනව.
ඒත් එක්කම මට මැසෙන්ජර් කෝල් එකක් එනව අර කියපු එකෞවුන්ට් එකෙන්.
ටීවී එකේ අධිරජ ධර්මාසෝක පසුපසින් තිරගත වෙනව.ගෑණු කටහඬකින්,
"හෙලෝවු"
කියාගෙන,ඒත් එක්කම ඇමතුම විසන්ධි වෙලා යන.ඒකෙන් මම තීරණය කරගන්නව ඒ අර කෙල්ල විත්තියත්,
ඒ වෙලාවෙ ඒකි ඉන්න සිටුවේසන් එක ගැනත්.
එයින් අපි යාළුවො බවට පත් වෙනව.
කුතුහලය කුතුහලයක් නොවෙන්ට කියල කෙල්ලත් එක්ක චැට් එකට වැටුනු හැටිය මගෙ ප්‍රස්නවලට ඒකිගෙන් පිළිතුරු හම්බවෙනව.
කෙල්ලගෙ අම්ම ජීවිතුන් අතර නෑලු.
තාත්තට හොර සීන් එකක් තිබිල මාට්ටු වුණායින් පස්සෙ,අම්ම වහ බීල මැරිල.
ඊටපස්සෙ තාත්තත් අර කියන ගෑනු මනුස්සය එක්ක වෙනම පවුලක්,පංසලක් හැටියට ජීවත් වෙනවලු. කෙල්ල ඉන්නෙ ආච්චියි,බැඳපු නැති පුංචි කෙනෙකුයි ගාව.පුංචි ගාමන්ට් ගිහිං තමයි මේකිට ඉගෙනගන්ට සල්ලි වියදම් කරල තියෙන්නෙ.
මං එදා ඒකිට නොම්බරේ දෙනකොටත් ඒකි ෆෝන් පාවිච්චියට වැටිල නෑ.නමුත් එදා බස් එකට නැඟල ඉඳගත්තු තැන ඉඳල,මං බස් එකෙන් බැහැල නොම්බරේ දීල බැහැල යනකල්ම මගෙ ගාව හොඳ ඉවසිල්ලක් තියෙන වග ඒකි දැක්කලු.ඒ නිසා යාළුවටත් හොරෙන් නොම්බරේ පරිස්සම් කරගෙන ගිහින් ටෙලිපෝන් නොම්බර ලියන පොතේ පිටිපස්සෙ තරුවක් දාල ලියල තිබ්බලු ෆෝන් එකක් ගත්තු දවසක මැසෙජ් කරන්‍ට කියල හිතාගෙන.
ඒක මයේ කේන්දරේ හැටියක්ද කොහෙද ?? ඒකිත් මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්ක කෙනෙක්.ඉතිං මේකි ෆ්‍රස්ට් ට්‍රයි බාගයක් කර කර ඉද්දි මේකිට මොකක්ද මන්ද දිෂ්ඨියක් වැහිල එක පාරටම කලන්තෙ දාල වැටෙන්ට ගත්තලු.ආච්චියි,පුංචියි පුළුවන් විදියට බේත්,හේත් කරල බැරිම තැන සාස්තරේකුත් අහල බැලුවලු ඒ ගැන.
සාස්තරේට කියවුණාලු මේකිට මළ ගිය ප්‍රාණකාරයෙකුගෙ බැල්මක් තියෙන වග.
ඒ වරමෙන් සාස්තර කිවුවොත් ඒකිට හොඳට සල්ලි හම්බකරන්ට පුළුවන් විත්තිය වගේම වරම අතට නොගන්නකල් ඒකිගෙ අසනීප තත්වෙ සුව අතට පත්නොවෙන වගත් ඒ සාස්තරකාරයම කිවුවලු.
මුලදි,මුලදි මේකි ඒකට අකමැති වුණත්,
පවුලෙ තියෙන අගහිගකම් සහ අසණීප තත්වෙට වෙනත් පිළියමක් නොවුනු හින්ද, මේකි පොඩියට වගේ ගෙදර දේවාලයක් පටන් ගත්තලු.ඒකිට මලගිය ප්‍රාණකාරය හැටියට වැහිල ඉන්නෙ ඒකිගෙ මියගිය අම්ම.
කියන සාස්තර හරියටම හරි නිසා මාස,දෙක තුනක්‍ යද්දි වැඩකරගෙන ගිහිං හරිගිය මිනුස්සුන්ගෙ මාර්ගෙන් දේවාලෙ ඉස්සරහ පාන්දර තුනේ,හතරෙ ඉඳල මීටර් පනහෙ,හැටේ පෝලිං නිර්මාණය වෙන තරමින් මේකිගෙ කාරිය සාර්ථක වුනාලු.
ඊටපස්සෙ ඒ ලැබෙන සල්ලිවලින් ගේයි,දේවාලෙයි ටිකෙන් ටික පිළිවෙලකට හදන්ට පටන් ගත්තු නිසා අවුරුද්දකින් වැඩේ අහවර කරන්ට ඒකිට බැරි වුණාලු.කෝමහරි ඔය විදියට ගිය අවුරුද්දෙ මාර්තු මාසෙ විතර වෙනකල් මේකි එකදිගට ඒ රස්සාව කරගෙන ඇවිත් අවසානෙ වරම ජය ශ්‍රී මහ බෝධියට භාර කරල,දැන් ආයෙම මේ අවුරුද්දෙ A/L ලියන්න ගත්තලු.
ඔය අතරෙ ඒකිට නෝට් වගයක් හොයාගන්ට කියල යාළුවෙකුගෙ කන්ටෑක් නම්බරේ හොයද්දි තමයි අර පොතේ අග්කිස්සෙ තිබිල මයෙ පෝන් නොම්බරේ
ඒකිට හම්බුවෙන්නෙ.
ඊටපස්සෙ මේකි පොතේ තිබුණු නොම්බරේ අරන් පෝන් එකේ සේවු කරගෙන. මට අමතක ඇති කියල හිතල,මේකි මට මැසෙජ් කරන්ට ගිහිං නෑ.
නමුත් ආයෙම දවසක වස්අප්වල වෙන කාගෙද නොම්බරයක් හොය හොය ඉද්දි,මේකිට මයෙ නොම්බරෙත් ඇහැ ගැටිල. වස්සප් කන්ටෑක් ලිස්ටුවෙ අපි දාපු ස්ටේටස් එකත් පෙන්නනවනෙ.එතකොට කෝමහරි මේකිට මීටර්වෙලා තියෙනව #නොවී සිරකරුවෙක් කියන මගේ සන්නම.
ඒකි අදටත් එෆ්.බී නෑ.ඒත් කොල්ලගෙ එකවුන්ට් එකෙන් ඒකි එෆ්.බී ලොග්වෙනව.දවසක් ඔහොම ලොග්වෙලා ඉද්දි කොල්ලගෙ අක්ක කෙනෙක් ඉන්නවලු නිසඳැස් කවි ගී අරණට කවි ලියන.ඒ අක්ක කවියක් දැම්ම කියල නොටිපිකේසන්වල පෙන්නද්දි මේකි නිකමට වගේ ඒ කවිය කියවන්ට කියල කවි අරණට ගොඩවෙද්දිම,#Just now කියල උඩින්ම තියෙනවලු #නොවී සිරකරුවෙක් සන්නම යටතෙ මම දාපු කවියක්.
මේකිට ඒ වචන දෙක දැක්ක හැටියෙ කෙල්ලට එකපාරටම මීටර් වුනාලු මගෙ වස්සප් ස්ටේටස් එක.ඊටපස්සෙ ඒකි කොල්ලගෙ එකවුන්ට් එකෙන්ම ගිහින් මයෙ ප්‍රොපයිලේ දාල තියෙන කවි බැලුවලු.ඊටපස්සෙ කොල්ලගෙන් අවසර අරන් මට රික්වෙස්ට් එකක් දාල ඒකි මාව ඇඩ් කරගෙන.
දැන් ඒකි වගේම කොල්ලත් මයෙ කවි බලනවලු.ටකරං හීන අප්ඩේට් වුණ හැටිය ඩබලම කියවනවලු.ටකරං හීන මන්දගාමී ඇයි කියල ඔය හැමෝම වගේ ඒකිත් මයෙං අහනව.
ඊට ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනව.
විශේෂයෙන්ම මගේ උසස් අධ්‍යාපන කටයුතු සහ ව්‍යාපාර කටයුතුත් එක්ක දිනපතා ගලප ගලප ලිවීමට තරම් වෙලාවක් මට ඉතිරිවෙන්නෙ නෑ.අනිත් ප්‍රධානම හේතුව තමයි ටකරං හීන මම ආරම්භ කලේ #අපේකතාවක් විදියට.නමුත් ඒක අදවන විට #මගේ කතාවක් බවට පත්වීම නිසා තරමක් හිතට වෙහෙසකරයි ඒ අතීතයත් එක්ක තනිවෙද්දි.
ඒ නිසා ටකරං හීනවලට ප්‍රමුඛත්වය දීම මම ගොඩක් දුරට හිතින් බැහැර කලා.

වර්තමානයේ ඒ කෙල්ල සහ මම හොඳ යාළුවො.නොදන්න පාඩම් පවා ඔන්ලයින් ඒකි මෙගෙන් අහ ගන්නව.කොටින්ම කිවුවොත් අතීතයත් එක්ක බලද්දි වර්තමානයේ ඒකි ජීවත් වෙන්නෙ සුරපුරයක.මගේ ආගම,දහම හැර බෞද්ධයෙක් හැටියට අන් කිසිම දෙයක් මම විස්වාස කරන්නෙ නෑ.මම ඒ දේවල් දකින්නෙ මිත්‍යාදෘෂ්ඨික සහ බොරු මතවාද හැටියට.
නමුත් එදා බ්ලොක්ගලෙන් බැඳල කාමර දෙකක් සහ කුස්සි කෑල්ලක ජීවත් වුන ඒකි,අද නව මාදිලියෙ දෙමහල් නිවෙසක,පිඟන් ගඩොල් පොලොවකට සමවැදිල වාසය කරනව.එදා ගාමන්ට් ගිය පුංචි අම්ම අද ජුකී මැෂින් හත,අටක් එක්ක පොඩි පහේ ගාමන්ට් ෆැට්‍රියක් ආරම්භ කරල තියෙනව.මේ සියල්ලම අපේ මිනිස්සුන්ගේ මිත්‍යාව නිසාද??
ඒ උන්ගේ ලැබීම වේවා,අපි ඊට ඊර්ෂ්‍යා කිරීම නොකල යුතුයි.නමුත් මේ දේවල්වල කුමක් හෝ සත්‍යක් ගැබ් වී තිබේද?
නූතන විද්‍යාව ඔස්සේ අමනුෂ්‍ය ආත්ම අපට නොපෙනී මේ වායු ගෝලය තුලම බලපැවැත්වනවාට සාධාරණ කරුණු,සාධක තිබිය හැක.නමුත් මියගිය ආත්මයක් මේ තරම් ප්‍රබලද? විටෙක ඇයව රෝගාතුරයෙකු කරලන්ටත්,පසුව ඇයව මහා ධනපතිනියක් බවට පත් ක‍රන්ටත්,නොපෙනී වෙසෙන ආත්මයක් කෙසේ ප්‍රබල වන්ටද?
සැබැවින්ම මට ප්‍රශ්නාර්ථයක්.

ඔබට හිතන්නට යමක්!!

-නොවී සිරකරුවෙක්-

Comments

Popular posts from this blog

වැස්ස

එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එකක් වත් නතර කලේ නෑ..අනේ මට හරි සීතලයි.. හරිම සීතලයි ඒ මදිවට මුළු ඇගම තෙමිලා. ලා නිල්පාට සාරීය හොදටම ඇගට ඇලිලා මට කාගෙවත් මූණවත් බලන්න ලැජ්ජයි.. මම එතනින් ටිකක් ඉස්සරහාට ගිහින් බැලුවා කවුරුවත් අදුරන කෙනෙක් ඉන්නවාද කියලා..එක පාරටම මගේ සාරිය පුරාවටම මඩ ඉහගෙන නතර කලේ ලස්සන සුදු පාට කාර් එකක්... " අනේ.....අහිංසා නංගි නේද " මට නුපුරුදු ඒත් හදවතට හුරු කටහඩක් කාර්එක ඇතුලෙන් ඇහුනේ මම මදක් ඒ දෙස බැලුවේ දන්න කෙනෙක්නම් ගෙරට යන්න පුළුවන් කියන හැගීමෙන්ය. " අනේ කුසල් අයියා...මෝඩයා කවදද ලංකාවට ආවේ " " ඊයේ ආවේ නංගි...කෝ නගින්න. මටත් පිස්සු කෙල්ල තෙමෙද්දි කතා කරනවා " හොදට වටපිට බලා මම කාර් එකට නැන්ගේ ලොකු සතුටකින්.මොකද දැන් බය වෙන්න දෙයක් නෑ...කාරය පිටුසප තිබූ පොඩි තුවායක් මගේ අතට දුන් කුසල් අයියා හොරහින් මං ගේ උඩ ඉදන් පහළටම බලන බව නම් මට හොදටම දැනුනි " අහිංසා.... දැන්ද off වුනේ......." " ඔව් අනේ......මේ වැස්ස මාව කෑවා " ...

ඉසු

සුපුරුදු විදියට මම සිංදුවක් කිය කිය නනා හිටියේ.. නාලා ඉතින් මම කාමරයට ගියා ගිය ගමන් අතට ගත්තේ ඇද උඩ තිබුනු මගේ phone එක msg 1k තිබුනා සුවර් එකට මගේ පන ඉසුරි වෙන්න ඇති...අම්මේ ඉතින් එයා මගේ ජීවිතේ මගේ 1 ආදරේ දැන් අපේ love එකට මාස 6ක් විතර... අම්බේ ඉක්මනට reply දාන්න ඕනේ නැත්තම් මගේ මැනිකට කේන්ති යනවා.. Isu bbi-: me nethuka mta oyawa danma hambenna one ikmnta api wenada hambena tanata enna. Mn 4 weddi enawa. කවදාවත් නැතුව එයා මට නෙතුක කියලා එවලා මගේ ආදරේ වැඩි කමට මගේ හිතට අමුත්තක් දැනුනා මම ඉක්මනට ඇදුමක් දාගෙන මගේ හුටු හුටුවත් අරගෙන මගේ බොක්කා රෝහිත්වත් දාගෙන මම හැටට හැටේ පාගේන පාක් එකට ගියා එතකොට මගේ පන ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...මම එයා ලගට ගියා එයා මගෙන් අතින් අල්ලගෙන මාවත් ඇදගෙන අපි මුලින්ම හම්බුනු ඒ තැන ඒ බංකුව ලගට මාව එක්කගෙන ගියා.. නෙතුක මට දෙයක් කියන්න තියෙනවා .. ඇයි රත්තරනේ කවදාවත් නැතුව මගේ නම කියන්නේ .... නෙතුක මේ මම දැන් ඔයාගේ රත්තරං නෙමේ... ඒ වචනෙන් මගේ කන දෙදරන්නට වුනා මොකක්ද ඉසු ඒ කිව්වේ.. අයියේ මන් ඔයාට කැමති නැහැ ..මගේ ඇස් වලට කදුලූ ආවත් හිතේ දුක තද කරන්...

ආදරය...

ආදරය...  ------====------=====-------=====---- සුදු දෝණී... සුදු දෝණී...කෙල්ලගේ අම්මා කෑ ගහන සද්ද‍ේට ෆොන් එකේ වෝල් පේපර් එකට විරිත්ත විරිත්ත හිටපු කෙල්ල එලියට දුවගෙන ආවා කාමරෙන්... කී පාරක් කෑ ගැහුවාද ලමයෝ? කොයි ලෝකේද හිටියේ?? අම්මා කෝපයෙන් කෑ ගසද්දි කෙල්ල අම්මාගේ පිටිපස්සෙන් ඇවිත් කරවට අත් දෙක දමාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා.. කාමරේන‍ේ අම්මා.... වෙන කොහේ ඉන්නද සුදු අම්මී....කෙල්ල නැලවෙන්න පටන් ගත්තා.. ඔය ඉතින් මල කෝලම්... කෝ අර ලමයා කීයටද එනවා කිව්වේ?? අම්මා ඒ ගමන කෙල්ලගේ අත් දෙක බුරැල් කරලා තමන්ගේ මූණ ඉස්සරහාට කෙල්ලව ඇද ගන්න ගමන් ඇහුවා... එයා දැන් පැයකට විතර කලින් කතා කරද්දි නම් ඔෆිස් එකෙන් එලියට ආව ගමන් කිව්වා.. තවත් හදිස්සි ගමනක් ගිහින් ඒ ගමන්ම එන්නම් කියලා තමා කිව්ව‍ේ අම්මා රෑ කෑමටත් එක්ක... කෙල්ල අම්මාගේ අත් දෙක අල්ලගෙන ඩාන්ස් කරන්න වගේ නලවන ගමන් හිනාවෙවි කියද්දි අම්මාගේ මූණටත් හිනාවක් ඇදිලා ආවා.. අන්න මං සුදු කිරි එකක් හැදුවා... චූන් පාන් එකෙන් බනිස් වගයකුත් ගත්තා.. අර සායේ වාටිය මං පොඩ්ඩක් මහගන්නකල් දුව කිරි බීලා පහන පත්තු කරලා ඉන්නකෝ... කෙල්ලගේ අම්මා ම...