Skip to main content

ආදරය...

ආදරය... 

------====------=====-------=====----
සුදු දෝණී... සුදු දෝණී...කෙල්ලගේ අම්මා කෑ ගහන සද්ද‍ේට ෆොන් එකේ වෝල් පේපර් එකට විරිත්ත විරිත්ත හිටපු කෙල්ල එලියට දුවගෙන ආවා කාමරෙන්...
කී පාරක් කෑ ගැහුවාද ලමයෝ? කොයි ලෝකේද හිටියේ?? අම්මා කෝපයෙන් කෑ ගසද්දි කෙල්ල අම්මාගේ පිටිපස්සෙන් ඇවිත් කරවට අත් දෙක දමාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා..
කාමරේන‍ේ අම්මා.... වෙන කොහේ ඉන්නද සුදු අම්මී....කෙල්ල නැලවෙන්න පටන් ගත්තා..
ඔය ඉතින් මල කෝලම්... කෝ අර ලමයා කීයටද එනවා කිව්වේ?? අම්මා ඒ ගමන කෙල්ලගේ අත් දෙක බුරැල් කරලා තමන්ගේ මූණ ඉස්සරහාට කෙල්ලව ඇද ගන්න ගමන් ඇහුවා...
එයා දැන් පැයකට විතර කලින් කතා කරද්දි නම් ඔෆිස් එකෙන් එලියට ආව ගමන් කිව්වා.. තවත් හදිස්සි ගමනක් ගිහින් ඒ ගමන්ම එන්නම් කියලා තමා කිව්ව‍ේ අම්මා රෑ කෑමටත් එක්ක... කෙල්ල අම්මාගේ අත් දෙක අල්ලගෙන ඩාන්ස් කරන්න වගේ නලවන ගමන් හිනාවෙවි කියද්දි අම්මාගේ මූණටත් හිනාවක් ඇදිලා ආවා..
අන්න මං සුදු කිරි එකක් හැදුවා... චූන් පාන් එකෙන් බනිස් වගයකුත් ගත්තා.. අර සායේ වාටිය මං පොඩ්ඩක් මහගන්නකල් දුව කිරි බීලා පහන පත්තු කරලා ඉන්නකෝ...
කෙල්ලගේ අම්මා මහන මැෂිම ගාවට ඇදුනේ කෙල්ලගේ කම්බුලට යන්තමින් තට්ටුවක් දාගෙනයි...
කෙල්ලත් උඩ පැන පැන කෑම මේසේ ලගට දිව්වා...
අම්මා වෙනදා වගේම කෙල්ල ආස විදියට කිඹුල් බනිස් එකයි ජෑම් බනිස් එකයි අරගෙන තියලා... කෝප්පේ වහලා තිබුනු පියන ඈත් කරලා කිරි උගුරක් බීලා කෙල්ල කන්න පටන් ගත්තත් හිතපු නැති විදියට කෙල්ලට හිර වුනා..
හයියෙන් කැස්සත් අම්මාගෙ මැෂින් එක පෑගෙන සද්ද‍ේට කෙල්ලගේ සද්දේ කැපිලා ගියා... කදුලු පෙර පෙර කහින ගමන් අමාරැවෙන් කිරි උගුරක් බීලා කෙල්ල යන්තමින් යථා තත්වේට පත් උනත් හිතට ඇති වුනේ කවදාවත් නොදැනුනු තරමේ අමුතු හැගීමක්..
ටිකක් වෙලා ඉදලා කෙල්ල නැවතත් කන්න පටන් ගත්තත් කටට දැනුනු අමුතු රසය නිසා වෙනදාට තත්පරේට ඉවර කරන බනිස් ටික සහ කිරි එක එහෙම්ම තියලා අත් දෙක හෝදගෙන ඉස්සරහා දොරෙන් මිදුලට බැස්ස‍ේ මල් ටිකක් කඩාගෙන බුදු පහන පත්තු කරන්න...
මිදුලේ අම්මා ලස්සනට වවලා තිබුනු මල් ගස් වලින් සීරැවට නෙලා ගත්ත මල් ටිකක් අත්ලට අරගෙන මිදුලේම පැත්තකට වෙන්න හදලා තිබුනු බුදු මැදුර වෙත ගිය කෙල්ල මල් වට්ටිය අරගෙන ටැප් එක ලගට ගිහින් වතුර අල්ලලා පිරිසිදු කරලා මල් ටික අතුරලා ඇගිලි වලින් පැන් විසි කරලා මල් වට්ටිය නැවත බුදු මැදුරෙන් තියලා ගේ ඇතුලට ආවේ පොල්තෙල් බෝතලේ , ගිනිපෙට්ටිය , පාන්තිර සහ හදුන්කූරැ අරගෙන යන්නයි....
පහන්තිරේ පොල්තෙල් වල පොගවලා හෙමිහිට පත්තු කරපු ගිනි කූර අනිත් අතින් ආවරණය කරගෙන පාන්තිරයට ලං කලත් නොසිතු පරිදි ගිනි කූර නිමී ගියා...
නැවතත් ගිනි කූරක් ඇදලා පෙරටත් වඩා ප්‍රවේසමෙන් බුදුමැදුර ඇතුලටම වෙන්න ගිනිපෙට්ටිය අල්ලලා පත්තු කරපු කෙල්ල නැවතත් ගිනිකූර පහන්තිරේට ලං කලා විතරයි නැවතත් ගිනි කූර නිවී ගියේ කෙල්ලගේ හිතට සියුම් කෝපයක්ද ඇති කරමින්...
වෙන කවදාවත්ම මෙහෙම වෙලා නැහැනේ... කෙල්ල තමන්ටම කියා ගන්න ගමන් නැවතත් ගිනිකූරක් පත්තු කරගෙන පහන්තිරේට ලං නොකර අනික් අතින් ආවරණය කරගෙන දැල්ල සැලෙන අයුරැ මදක් බලා සිට ඉන් අනතුරැව පහන්තිරේට ලං කොට එය දැල්වූවා...
එම දැල්ලෙන්ම හදුන්කූරද දල්වා බුදුමැදුරෙන් තරමක් එලියට වන්න තබා තිබුනු වැලි පිරවු කෝප්පයෙන් ගසා , දෙඅතම නළලට ගෙන වැද කෙල්ල පන්සිල් සමාදන් වුනා...
සිත සැහැල්ලු වෙද්දී කෙල්ල ගේ ඇතුලට ආවෙ නැවතත් උඩ පැන පැන...
අම්මා ඇදුම හදාගෙන ඉවරද කොහේද... මැෂින් එකේ සද්ද‍ේ නැවතී තිබුනු නිසා කෙල්ල කුස්සියට ඔලුව දාලා බැලුවා...
උදව්වක් ඕනේද අම්මා.... අම්මා මොනාද දාගෙන හදනවා දැකලා කෙල්ල ඇහුවේ ආසාවෙන්...
නැහැ දුව... බත් එක නම් තියලා තියෙන්න‍ේ...
දුවට පුලුවන් නම් අර පරිප්පු හොද්ද හැදි ගාන්නකෝ මං මස් ටික හදලා ගන්නකල්...ඔයා ඉතින් මස් අල්ලන්න කැමැති නැහැනේ.... අම්මා හිනාවෙලා කෙල්ලට පොල්කටු හැන්ද දීලා එලියෙන් කූල් එක බහින්න තියලා තිබුනු මස් ටික ලෑල්ලක් උඩ තියලා පිහියක් අතට ගත්තා...
එ්ත් එක්කම.... කෙල්ලගේ රිංගින් ටෝන් එක ඇහෙන්න පටන් ගත්ත‍ේ කෙල්ලගෙ කාමරේ පැත්තෙන්...
ඉන්න අම්මා... මං ෆෝන් එක අරන් එන්නම්... අරයා වෙන්නැති... අඩියට දෙකට කෙල්ල කාමරේ පැත්තට පැන ගත්තා...
රිංග්ස් යන ෆෝන් එක උස්සගෙනම කෙල්ල කුස්සිය පැත්තට ආවේ ස්කීන් එකේ පේන පින්තූරේට විරිත්තමින්...
මීට මාස කීපයකට පෙර ඔහුව හමු වූ ඒ අවස්ථාව ඇයට සිහි වුනා...
මුහුණුපොත තුලින් හමුවු අලුත් යාලුවෙකු වූ ඔහුව වෙනත් යහලුවන්ට වඩා සුවිශේෂී ලෙස ඇයට දැනුනා...ඔහුගේ වචන වලින් ඇයට දැනුනේ තමා ගැන ආදරයක් ඔහු තුළ තිබෙනවාක් මෙනි... නමුත් සමාජයේ සිදුවන අකටයුතුකම් හමුවේ ඉතාමත් ඉක්මනින් ඔහුව වුවත් විස්වාස නොකිරීමට ඇය වග බලා ගත්තා...
නමුත් දෛවය වෙනම කතාවක් ලියා තිබූ හැඩයි මොවුනට... කෙල්ලගේ සිත ඇයටත් නොදැනීම ඔහු කෙරේ ඇදී ගියේ ඔහුගේ සිතුවිලි වල තිබු උතුම් භාවය නිසයි...කිහිප දවසකින්ම ඔවුන් දැඩි ආදරයකින් වෙලුනා...
හා හා පුරා කියලා ඔවුන් හමුවන පළමු දිනය උදා වුනා.. සුදු පැහැයට හුරැ දිගු සායකින් සහ කහ සුදු මිශ්‍ර වූ බ්ලවුස් එකකින් සැරසුනු කෙල්ල කතා වුනු පරිදි කැළණි පංසල් භූමියට පිය නැගුවා...
හෙතෙම දුඹුරැ පැහැයට හුරැ කලිසමකින් සහ සුදු ටී එකකින් සැරසී බයික් එකට හේත්තූ වී සිටියා...
දුටු පළමු වරම දෙදෙනාට දෙදෙනා පිලිබදව ඇති වුනේ සිත් පහන් කරවන හැගීම්... කෙල්ලත් සමගම බුදුන් තෙවන වරට වැඩම කල පාරිශුද්ධ පූජා භූමියේදී නෙලුම් මල් පූඡා කරමින් කෙල්ල සහ කොල්ලා දැඩිව බැදුනා හිත් වලින් සංසාරගත බැදීමක් ලෙසම...
පිං පාටයි සුදු අම්මි...
කොල්ලා ආදරෙන් බලා කියද්දි කෙල්ල ඒ සුන්දර බැල්මට වශී වුනා...
ඔයත්...අර පාටයි.....කෙල්ල ඇස් පුංචි කරග‍ෙන හුරතල් වෙද්දි කොල්ලා ඒ සුදු අත් දෙකෙන් අල්ලගත්තා...
ඔව්....මාත්...මොන පාටද..... කොල්ලා පාත්වෙලා කෙල්ලගේ ඇස් වලට එබුනා...
වල් පාටයි ... රෝසපාට දිව දික් කරලා කෙල්ල ඈතට දිව්වා උඩ පැනපැන...
හා....හා... කෙල්ල‍ේ පන්සල.... කොල්ලා කෑ ගහමින් කෙල්ලගේ පස්සෙන් වැටුන‍ේ හිනාවෙවි...
එදින ගන්නා ලද සුන්දර පින්තූරයක් තමාගේ වෝල් පේපර් එක ලෙස මෙන්ම කොල්ලාගෙන් ලැබෙන ඇමතුම් සදහා පෙනෙන ලෙස සැකසීමට කෙල්ල පසුබට උනේ නැහැ..
කොල්ලාගේ අවංකත්වය , ආදරය කෙල්ලගේ හිතට ගැඹුරින්ම වැදුනේත් එදාමයි..
ගොඩක් කොල්ලෝ කෙල්ල‍ෝ ජීවිතේ වරද්ද ගන්න තැනක් තමා මගේ සුදු අම්මි ආදරේ... කොල්ලා එදා කතා කලේ පන්ඩිතයෙක් වගේ...
අපි දෙන්නා අදුරගන්න‍ේ ෆේස්බුක් එකෙන්..ඉතින් සුදු අම්මි ඔයාට සමහරවිට මාව විස්වාස කරන එකත් එකපාරටම කරන්න අමාරැ දෙයක් වෙයි...ඒත් මං ඒක තේරැම් අරන් ඉන්න‍ේ ... අද සමාජේ වෙන දේවල් එක්ක ගැහැනු ලමයෙක් තමන්ගේ පරිස්සම ගැන හිතන්න ඕනේ... ඒකේ කිසිම වැරැද්දක් නැහැ...
මට මේ ලෝකේ මගේ කියලා කියන්න පුලුවන් එකම කෙනා ඔයා විතරයි සුදු අම්මි...
සත්තයි... ගොඩාක් ආදරෙන් බලා ගන්නම් මං මගේ මැණිකව...කොල්ලා ගොඩක් ආදරෙන් ඒ ඔලුව අතගෑවා කෙල්ලගේ...
ඔය ෆෝන් එක වදිනවා නේද ළමයෝ... කතා කරන්න‍ේ නැද්ද??
අම්මාගේ කෑ ගැසිල්ලත් සමග කෙල්ල පියවි ලෝකේට ආවා...
සියුම් ලැජ්ජාවක් හිත තුල මෝදු වෙද්දී කෙල්ල කෝල් එක ආන්සර් කලා...
කියන්න සුදු මහත්තයෝ...
කවුද??
මොනවා.... දෙ...යි...ය...නේ....
වටපිටාවම අදුරේ ගිලී යද්දී , ෆෝන් එක අතින් ගිලිහී යද්දී , කෙල්ල බිම ඇදගෙන වැටුනා....
--------------------------------------------
දුව.... දුව...සුදු දෝණි.. කෙල්ලගේ අම්මා කදුලු පෙරමින් කෙල්ලගේ මූණට වතුර විසි කර අත් දෙකෙන්ම කම්බුල් වලට තට්ටු කරන්න පටන් ගත්තා..
ආ...හ්...හ්....... සු....මේ.......ද.... කෙල්ල අමාරැවෙන් කෙදිරි ගාමින් නැගී සිට මොහා‍ෙතක් අම්මා දෙස බලා සිට කලබලයෙන් ෆෝන් එක හොයන්නට පටන් ගත්තා...
ඇයි සුදු දෝණි මේ?? අම්මා කිසිවක් වටහා නොගෙන වුවද කදුලු සලමින් කෙල්ලගේ කලබලකාරී ඉරියව් දෙස බලා සිටියා..
මගේ සුමේද.... අනේ දෙයියනේ මගේ සුමේද... කෙල්ල වෙවුලන අත් වලින් කොල්ලාගේ නම්බර් එක ඩයල් කලේ දෑසින් කඩා වැටෙන කදුලු කැට ටෙම්පර්ඩ් ග්ලාස් එකේ රෑ රටා මවද්දීය...
හෙලෝ..... හෙලෝ.... ඔය ක....කවුද??
අනේ.... කොහොමද දෙයියනේ එහෙම වෙන්න‍ේ...
කෙල්ල ඉකිගසමින් කතා කරද්දි මොකක් නමුත් වරදක් සිදු වී ඇති බව වටහා ගත් අම්මාගේ දෑසින් ගලන කදුලුද නවතා ගත නොහැකි විය...
කොයි එකේද.... මං.. ...මං..... දැන් එනවා....මං එනවා...
කෙල්ල දඩබඩ ගාලා කොන්ඩේ බැදගෙන වචනයක්වත් කතා නොකර ෆෝන් එකත් අරන් කාමරේ පැත්තට දුවද්දි අම්මාත් පස්සෙන් දිව්ව‍ේ සිදු වන කිසිවක් වටහා ගත නොහැකිවය...
අඩියට දෙකට කාමරේට පැන හෑන්ඩ් බෑග් එක අතට අරගෙන කිසිදු සිහියකින් තොරව ගේට්ටුව පැත්තට දුවන කෙල්ල පස්සෙන් අම්මාද පැනගෙන ගියේ ඉදිරි පස දොර යන්තම් යතුරැ දමා වසාගෙනය...
ගේට්ටුව වහන්න‍ේත් නැතිව කෙල්ල එලියට පැන ගන්නා අයුරැ බලාගෙනම සුදු දෝණි කියමින් කෑ ගසමින් අම්මා පිටිපස්සෙන් ඇදුනේ කෙල්ලට එක පාරට සිදුවුනු දේ වටහා ගත නොහැකිවය...
හංදියට යනකල් එක හුස්මට දුවගෙන ගිය කෙල්ල පස්සෙන් හති දමමින් දුව ගිය අම්මා බොහෝ අමාරැවෙන් කෙල්ල නැගුනු තී රෝද රථයටම ගොඩ වුනා...
කොහේටද මැඩම්... තී රෝද රථ රියදුරැ පිටිපස හැරී බලා අසද්දී , අම්මා හති හෙලමින් කෙල්ලගේ මූණට එබුනා...
ඇ..ක්..සිඩ....න්....ට් වෝ...ඩ් එකට.... එහෙම කියලා අත් දෙකෙන්ම මුණ වහගෙන කෙල්ල මහ හයියෙන් අඩන්න පටන් ගත්තා...
-------------------------------------
සුමේද කියලා කෙනෙක්....ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාවද නෝනා?? කෙල්ලගේ අම්මා කෙල්ලව ඇගට වත්තම් කරගෙන කවුන්ටරේ හිටපු කෙල්ල දිහාට කදුලු වැක්කෙරෙන ඇස් දෙක හැරෙව්වා...
අර හවස....බයික් ඇක්සිඩන්ට් එක නේද? ‍පේෂන්ට් නම් දැන් ICU එකට අරන් ඉන්න‍ේ ...බලන්න නම් බැරිවෙයි...මෙතනින් උඩට ගිහින් බලන්නකෝ කෝකටත්...
කවුන්ටරේ කෙල්ල කියපු කතාව අහපු අම්මාගේ හදවත දෙදරලා ගියා වගේ .... තමන්ට මෙහෙම දැනේනවානම් දුවට මොන වගේ හැගීමක් ඇත්දැයි කල්පනා කරමින් දැනටමත් බාගේට පණ ගිය කෙල්ලව ඇදගෙන අම්මා ICU එක ලගට ගියා...
සැරෙන් සැරේට හදිස්සියෙන් වගේ දොර ඇරගෙන නර්ස්ලා එහා මෙහා යන අයුරැ අම්මා බලාගෙන හිටියත්, අම්මාට තුරැල් වෙලා හිටපු කෙල්ලට සිදුවන කිසිවක් ගැන අවබෝධයක් නැතිවී තිබුනු අයුරිනුයි ඇය හැසිරැනේ...
ග්ලවුසස් ගලවමින් වෛද්‍යයවරැ දෙදෙනෙක් එලියට පැමිණියේ මැලවුනු මුහුනින්...ඒත් සමගම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුත් තරමක ඈතින් සිට එතනට පැමිණියා..
ඩොක්ටර් .... අපේ ලමයා.... කෙල්ල‍ගේ අම්මා කදුලු පිහිදමින් කෙල්ලත් සමගම නැගී සිටියා..
මේ අය කවුද පේෂන්ට්ගේ?? ඩොක්ටර් කෙනෙක් දෙබැම රැලි කරගනිමින් ඇහුවා...
මේ මගේ දුව මහත්තයෝ... අර දරැවා බදින්න හිටියේ මගේ දුවව මහත්තයෝ...
අම්මා අඩමින්ම කියද්දි වෛද්‍යයවරයා දිගු හුස්මක් හෙලා පොලිස් නිලධාරීන් දෙසද බලා නැවත කෙල්ල දෙසත් අම්මා දෙසත් බලා දෑස් බිමට හරවගත්තා....
අපිට සමාවෙන්න... පේෂන්ට්ව බේර ගන්න අමාරැ තත්වයක් තියෙන්න‍ේ... පේෂන්ට්ගේ හෘදවස්තුව දුර්වල වෙලා...අපි පුලුවන් හැම උත්සාහයම යොදනවා... එත්... හැමදේම අප‍ේ අත්වල නැහැනේ අම්මේ...
වෛද්‍යයවරයාගේ පිලිතුරත් සමගම කෙල්ල මහ හඩින් කෑ ගහලා අඩන්න පටන් ගත්තා..
නැහැ... ඒක වෙන්න බැහැ... ඒක වෙන්න බැහැ....ඔයාට මාව දාලා යන්න බැහැ මහත්තයෝ.......
බිත්ති දෙදරා යන ආකාරයෙන් කෑ ගසමින් කෙල්ල කදුලු වගුරවද්දි , අම්මා කෙල්ලව තුරැල් කරගත්තේ වෙවුලන දෑත් වලිනි...
අම්මාගේ තුරැලෙන් මිදිලා කෙල්ල වෛද්‍යයවරයාගේ කකුල් දෙක ලග දණ ගහගත්ත‍ේ කොපුල් තල ඔස්ස‍ේ රෑරා වැටෙන කදුලු පිහිදීමටවත් යුහුසුලු නොවී ද‍ෙඅත් නලල‍ේ තබා ගෙනය...
අනේ බුදු දොස්තර මහත්තයෝ මට මගේ සුදු මහත්තයාව බලන්න දෙන්න... දෙයියන්ගේ නාමෙන් මට මගේ සුමේදව බලන්න දෙන්න දොස්තර මහත්තයෝ... කෙල්ල තව දුරටත් කෑ ගහලා තවත් මොනවාත් කියමින් අඩන්න හැදුවත් , ඉක්කාවට හුරැ හීල්ලිමක් නිසා කෙල්ලගේ මුවින් වචන පිට වුනේ නැහැ..
තත්වය වටහා ගෙන වහාම ක්‍රියාත්මක වු වෛද්‍යයතුමා දෙවුරින් අල්ලා කෙල්ලව නැගිට්ටවගෙන ICU එක ඇතුලට රැගෙන ගියේ අනිත් වෛද්‍යයවරයාටත් හිසින් සංඥාකරමින්...
කෙල්ල ඇතුල් වනවාත් සමගම දැක්ක‍ේ බට රාශියක් ඇගට සම්බන්ධ කර , මැෂින් කීපයකින්ම වට වී ඇද මත දෑස් පියාගෙන සිටි කොල්ලාවයි... සුමේද සිටි ආකාරය දුටු කෙල්ලගේ තොලකට වියලී ගියා..
ඇද අසලම මුහුනු ආවරණ පැලද සිටි තවත් වෛද්‍යයවරයෙක් සහ අනික් පිරිස හිස ඔසවා පුදුම සහගත බැල්මක් හෙලා කෙල්ල දෙස සහ වෛද්‍යයවරයා දෙස බලද්දී ඇය අසලම සිටි වෛද්‍යයවරයා එක් අතකින් සංඥාකලේ ඔවුනට කලබල නොවන ලෙස බවටත් සහ නර්ස් කෙනෙකුට මාස්ක් එකක් කෙල්ලට ලබා දෙන ලෙස බවටත් කෙල්ල කල සැකය ස්ථීර වුයේ නර්ස් කෙනෙක් ලගට පැමින මුඛ ආවරණයක් දිගු කිරීමත් සමගයි....
නමුත් එක් වරම මැෂින් එකකින් සද්දයක් නිකුත් වීමත් සමග ඇද වටා සිටි පිරිස කලබල වුනා...
කුඩා අයන් එකක් බදු උපකරණ දෙකකින් එක් වෛද්‍යයවරයෙකු සුමේදගෙ පපුව තද කරද්දී කොල්ලා ගැස්සී තරමක් ඉස්සෙන අයුරැ දෙවරක් බලා සිටි කෙල්ල කදුලු ගලන දෙනෙතින් අසල සිටි වෛද්‍යයවරයා දෙස බැලුවා...
වෛද්‍යයවරයා මුඛ ආවරණය මදකට ඉවත් කොට කෙල්ල දිහාට හැරැනා...
අපිට සමාවෙන්න... තවදුරටත් සුමේද ජීවතුන් අතර නැහැ....
සිහින ලෝකේක සිට පාවී එන පරිද්දෙන් වෛද්‍යයතුමාගේ වචන ඇසී නොඇසී යද්දී කෙල්ල දණ බිම ඔබා ගත්තා...
බොරැකාරයා.... බොරැකාරයා... දෙකොපුල් උණු කදුලින් තෙත් වෙද්දී කෙල්ල යටිගිරියෙන් කෑ ගැහුවා...
පොරොන්දු වුනා නේද මට.. දාලා යන්න‍ේ නැහැ කියලා කවදාවත්... පොරා‍ෙන්දු වුනා නේද මට අත අරින්න‍ේ නැහැ කියලා කවදාවත්... මැරෙනකල් එකට ඉමු කිව්වා නේද?? වංචාකාරයා .... බොරැකාරයා... මෙච්චර ඉක්මනට මාව තනි කරලා යන්න බැහැ... ඔයාට එහෙම කරන්න බැහැ මගේ සුදු මහත්තයෝ... ඔයාගේ සුදු අම්මිව තනි කරලා දාලා ඔයාට යන්න බැහැ එහෙම...
තාත්තා කෙනෙක් වගේ මාව බලාගත්ත‍ේ ඔයා... අපි හැමදාම පන්සලේදී හම්බවෙමු කිව්ව‍ේ ඔයා... කාත් කවුරැවත් නැති ඔයාගේ ජීවිතේ අම්මා වෙන්න කිව්ව‍ේ මට... මට ඔයාගේ ආදරේ මහමෙරක් තරම් මගේ මහත්තයෝ.. ඔයාට මෙහෙම කරන්න බැහැ...
මෙහෙම දාලා යන්න නම් ඇයි රත්තරනේ මෙච්චර ආදරයක් දුන්න‍ේ මට... මේ අහිංසක කෙල්ල කොහොමද දෙයියනේ දරාගන්න‍ේ ... නැහැ... නැහැ.... මෙච්චර ලොකු දුකක් දීලා එහෙම යන්න බැහැ ඔයාට...
මං මගේ පණටත් වඩා ආදරේ කලා මගේ දෙයිය‍ෝ... ඔයාට බැහැ...බැහැ...
කෙල්ල නැගිටලා ඇද ගාවට දුවගෙනගියා.. අසල සිටි පිරිසේ අයකු කෙල්ල අල්ලා නවත්තන්න තැත් කලත් වෛද්‍යයතුමා සංඥා කිරීමෙන් හෙතෙම ආයාසයෙන් වෑයම නවත්වා ගත්තා...
නැගිටින්න මගේ දෙයියෝ... මෙච්චර ලොකු ආදරයක් මට දීපු ඔයාගේ හදවත දුර්වල වෙන්න බැහැ සුදු මහත්තයෝ... නැගිටින්න... ඔය ඇති දැන් නිදාගෙන හිටියා.... එන්න අපි ගෙදර යමු... එන්න වස්තුව... මං අම්මාටත් කිව්වා... අපි උය උය හිටිය‍ේ මැණික ඔයාටත් එක්කම... ඔයා කිව්වා නේද මට උයන්න පුරැදු වෙන්නත් කියලා... දැන් මට උයන්නත් පුලුවන් මහත්තයෝ...
ඔයා කොහොමද මෙහෙම ගලක් වගේ ඉන්න‍ේ මහත්තයෝ...ඔයාගේ සුදු අම්මි මෙච්චර අඩද්දී ? එක කදුලක් වට්ටන්න‍ේ නැතුව මලක් වගේ පරිස්සම් කරගන්නම් කිව්වා නේද මහත්තයෝ මාව... අද සුදු අම්මිගේ ඇස් වලින් මෙච්චර කදුලු ගලනවා...ඇයි ඇස් ඇරලා බලන්න‍ේ නැත්ත‍ේ මහත්තයෝ... මාව රිද්දන්න එපා මහත්තයෝ...මේ කෙල්ලත් පපුව පැලිලා මැරෙයි දෙයියෝ...
කෙල්ල ඉකි ගහ ගහ කොල්ලාගේ පපුවට දෑත්වලින් ගහන්න පටන් ගත්තා...
නැගිටින්න මැණික...නැගිටලා එන්න මහත්තයෝ... අපි යමු....සුදු අම්මි කතා කරන්න‍ේ මහත්තයෝ....එන්න මහත්තයෝ...
කෙල්ල තවදුරටත් කෑ ගහද්දී , කෙල්ලව රැගෙන ආ වෛද්‍යයතුමා නර්ස් කෙනෙක්ට සංඥාවක් කලා....
ඒ සංඥාවට අනුව නර්ස් කෙල්ලට ලංවී ඇයව එතනින් ඉවත් කරන්න උත්සාහ කලා...
බැහැ.. මට යන්න බැහැ... මගේ සුදු මහත්තයා දාලා යන්න බැහැ මට... කෙල්ල ගල් වෙලා වගේ හිටපු කොල්ලාගේ අත අල්ලාගෙන කෑ ගහද්දී තවත් නර්ස් කෙනෙක් කෙල්ලව ඇද ඉවත් කරන්න උත්සාහ කලා....
එපා.... එපා..... දෙයියනේ ....වදින්නම්...මට ඉන්න දෙන්න...මගේ මහත්තයා ගාව ඉන්න දෙන්න...යන්න බැහැ මට..... යන්න බැහැ..... මගේ සුදු මහත්තයා දාලා යන්න බැහැ මට....කෙල්ල යටි ගිරියෙන් මරහඩ තැලුවා...
එක්වරම ක‍ොල්ලාගේ නිසල ශරීරයේ චලනයක් සිදු වුනා... කෙල්ලගේ ආගමනය නිසා කිසිදු මැෂින් එකකින් කොල්ලාගේ සිරැර නිදහස් කර නොතිබුනු බැවින් , එක් වරම පාඨාංකයන් දක්වමින් චලනය වන්නට පටන් ගත් මැෂින්ස් වල සද්දයන් සමගින් පිරිස කලබල වුනා...ඔක්සිජන් මාස්ක් එකේ මීදුම් පටල බැදෙද්දී කොල්ලාගේ පපුව ගැහෙන්න පටන් ගත්තා...
පිරිස වහා ක්‍රියාත්මක වෙද්දී දෑතින්ම කදුලු පිසමින් කෙල්ල කොල්ලාගේ ගැහෙන හදවත දිහා බැලුවා...
ඔව්.... අසීමිත ආදරයක් නැවත මිහිමතට ඇදතිබුනා හැර යන්නට සැරසී තිබු ආත්මීය සෙවනැල්ලක්... ඔවුන්ගේ ආදරණීය බැදීම නැවත අලුත් කරමින් කොල්ලාගේ හදවත ගැහෙන්නට ගත්තා... කෙල්ලගේ නාමයෙන්...
සදහටම ආදරෙන්...නොබිදෙනා බැදීමක් ලෙසට... දෛවය රන් හුයකින් දෑගිලි බැදෙන්නට ඉඩ සලසා තිබුනා මියෙනතුරැ එකිනෙකා මතුවට.....
-----------------------------------
නිමි

Comments

  1. emperor casino bonus | Shootercasino
    Casino Bonus. The casino bonus is available for 제왕카지노 free to all febcasino new players who register for the free play offer. The casino bonus is offered for kadangpintar

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වැස්ස

එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එකක් වත් නතර කලේ නෑ..අනේ මට හරි සීතලයි.. හරිම සීතලයි ඒ මදිවට මුළු ඇගම තෙමිලා. ලා නිල්පාට සාරීය හොදටම ඇගට ඇලිලා මට කාගෙවත් මූණවත් බලන්න ලැජ්ජයි.. මම එතනින් ටිකක් ඉස්සරහාට ගිහින් බැලුවා කවුරුවත් අදුරන කෙනෙක් ඉන්නවාද කියලා..එක පාරටම මගේ සාරිය පුරාවටම මඩ ඉහගෙන නතර කලේ ලස්සන සුදු පාට කාර් එකක්... " අනේ.....අහිංසා නංගි නේද " මට නුපුරුදු ඒත් හදවතට හුරු කටහඩක් කාර්එක ඇතුලෙන් ඇහුනේ මම මදක් ඒ දෙස බැලුවේ දන්න කෙනෙක්නම් ගෙරට යන්න පුළුවන් කියන හැගීමෙන්ය. " අනේ කුසල් අයියා...මෝඩයා කවදද ලංකාවට ආවේ " " ඊයේ ආවේ නංගි...කෝ නගින්න. මටත් පිස්සු කෙල්ල තෙමෙද්දි කතා කරනවා " හොදට වටපිට බලා මම කාර් එකට නැන්ගේ ලොකු සතුටකින්.මොකද දැන් බය වෙන්න දෙයක් නෑ...කාරය පිටුසප තිබූ පොඩි තුවායක් මගේ අතට දුන් කුසල් අයියා හොරහින් මං ගේ උඩ ඉදන් පහළටම බලන බව නම් මට හොදටම දැනුනි " අහිංසා.... දැන්ද off වුනේ......." " ඔව් අනේ......මේ වැස්ස මාව කෑවා " ...

ඉසු

සුපුරුදු විදියට මම සිංදුවක් කිය කිය නනා හිටියේ.. නාලා ඉතින් මම කාමරයට ගියා ගිය ගමන් අතට ගත්තේ ඇද උඩ තිබුනු මගේ phone එක msg 1k තිබුනා සුවර් එකට මගේ පන ඉසුරි වෙන්න ඇති...අම්මේ ඉතින් එයා මගේ ජීවිතේ මගේ 1 ආදරේ දැන් අපේ love එකට මාස 6ක් විතර... අම්බේ ඉක්මනට reply දාන්න ඕනේ නැත්තම් මගේ මැනිකට කේන්ති යනවා.. Isu bbi-: me nethuka mta oyawa danma hambenna one ikmnta api wenada hambena tanata enna. Mn 4 weddi enawa. කවදාවත් නැතුව එයා මට නෙතුක කියලා එවලා මගේ ආදරේ වැඩි කමට මගේ හිතට අමුත්තක් දැනුනා මම ඉක්මනට ඇදුමක් දාගෙන මගේ හුටු හුටුවත් අරගෙන මගේ බොක්කා රෝහිත්වත් දාගෙන මම හැටට හැටේ පාගේන පාක් එකට ගියා එතකොට මගේ පන ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...මම එයා ලගට ගියා එයා මගෙන් අතින් අල්ලගෙන මාවත් ඇදගෙන අපි මුලින්ම හම්බුනු ඒ තැන ඒ බංකුව ලගට මාව එක්කගෙන ගියා.. නෙතුක මට දෙයක් කියන්න තියෙනවා .. ඇයි රත්තරනේ කවදාවත් නැතුව මගේ නම කියන්නේ .... නෙතුක මේ මම දැන් ඔයාගේ රත්තරං නෙමේ... ඒ වචනෙන් මගේ කන දෙදරන්නට වුනා මොකක්ද ඉසු ඒ කිව්වේ.. අයියේ මන් ඔයාට කැමති නැහැ ..මගේ ඇස් වලට කදුලූ ආවත් හිතේ දුක තද කරන්...