Skip to main content

හීන දවසක ඉදන්

හීන දවසක ඉදන්

# වස්තු කැටේ කුක්කු ඩෝලෙ චූටි මැණික දැන්වත් නැගිටපියකො...
තවත් එක උදෑසනක අපේ නිදන කාමරයේ හඩ එසේ රැව් දුන්නේය.. මේ කාමරේ බිත්ති හතරටත් මේ වචන කටපාඩම් ඇති බව නම් නිසැකය...
යකෝ මෙච්චර බටර් ගාලත් මේ ගෑණිගෙ කිසි රියැක්ෂන් එකක් නැති හැටි...අනේ අම්මපා මෙහෙමත් ගෑණු... අපිටම හම්බුනානේ....
# අඩෝ කලු කෑල්ල උඹ නැගිටිනවද මම තේ එක මූණට හලන්නද.....
ඔන්න ඉතින් ඒ වචන ටික මෙච්චර වෙලා ගොරව ගොරව නිදපු ගෑණි නැගිට්ටා...
# මොනාද මිනිහෝ කීවේ ඈ.... කලු කෙල්ල හ්ග්.... ඉදපන්කෝ උඹට....
# අම්මේ මේකි මිනී මරනෝ
සුද්දි මාව ඇදල ගද්දී මට කියන්න හම්බුනේ එච්චරයි... ඒ තොල් වලට මාව හිර උනා... අනුරාගයේ හෝරාවක් නොවේ ආදරණීය හෝරවාක් ගෙවී ගියා ...
කටවත් හෝදපු නැති එයාගේ කිස් එක හැම උදේකම නොයිලුවාට මම බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඉතින්... මම ලිහි ගිලිහී ගිය ඇදුම් එකිනෙක අයින් කරා... යටිතල එකක්වත් නැති ඒ ඇග පුරාම තිබුන හැම තැනම මම අදුනනවා...
මම පාත් වෙලා ඒ සුදු බණ්ඩියට ඔලුව තිබ්බා... මාස 05 උන ඒ බඩගෙඩිය ඇතුලට මගෙම ලේ ඇතුල් උනේ කවදාදැයි මා නොදනී... ඒ හැම දවසක්ම ඇගේ උණුහුමට මම නතු වූ නිසාය..
# මහත්තයෝ
මෙච්චර වෙලා දඟකරපු ගෑණි එක පාරට පිංබර උනා... ඒ මගෙ කෙල්ලගෙ හැටි... මම ඒ බණ්ඩියට තොල් තියන් ඇස් දෙක ඉස්සුවා....
# අද එද්දි මල් පීස් රෙදි ටිකක් ගේනවද ම්ම්ම්ම්
# මල් ෆීස් රෙදි ඒ මොකටද මැණික
මම නොදන්නා කමට ඇහුවා...
# අපේ චණ්ඩියට ජංගි කොට ටිකක් මහන්න මහත්තයෝ
මෙච්චර කඩවල් තියෙද්දි මොකට මහන්සි වෙන්න හදනවද මන්දා... මට කෙල්ල ගැන කේන්තියක් ආවා.. මොකද මේ කෙල්ල මගෙ පණ ටික...ඉතින් පොඩ්ඩක්වත් මහන්සි වෙනවට මම කැමති නෑ...
# බොරැවට මහන්සි වෙන්න ඕනෑ දෙව් ... කඩෙන් ගමු ...අනික තව කල් තියනවනේ සුද්දියේ....
මම එහම කියද්දි කෙල්ලගේ ඇස් කදුළු පිරැණා...
# මහත්තයෝ කඩෙන් ගන්න ජංගි කොට වලට අම්මගෙ ආදරේ පුරවන්න බෑ මැණික .. අනික පුතු පැටියෙක්ට මල් පීස් වලින් ඇදුමක් මහන්නේ ලෝබ කමට නෙමෙයි ... අම්මගෙ ආදරෙයි එකතු කරන්නේ..ඒක පාරමිතාවක් මහත්තයෝ ...ඒක කඩෙන් ගන්න බෑ රත්තරනේ
කෙල්ල එහම කියද්දී ඇස් වලට කදුලක් මෝදු වෙනවා දැනුනා . ඒත් පිරිමි අඩන්නෑ... මං කදුලු හැංගුවා... මෙච්චර පණ්ඩිත්කම් මේ කෙල්ලට ඉගැන්නුවේ කවුද මන්දා... මගෙ හිත ආඩම්බරෙන් පිරැණා... මේම කෙල්ලෙක් ලබන්න මං පිංකරන්න ඕනේ..
ඒ හැගීමෙන්ම ඉතින් කිස් කොස් නෑවී ඉතිරි ගියා....😍😍😍
# ඇති ඇති යකූ උඹ ලව් කොලොත් අපිට කන්න දෙන්නේ දෙයියොද ආ... දූපිය වැඩට යන්න...
හප්පට හුඩු අද වැඩ නේන්නම් ඒකත් අමතක උනා මේ නාකි හුරතල් නිසා....
මම දඩබඩ ගාල කලිසම ගලවලා වොෂ් රෑම් එකට දුවද්දී කෙල්ල හූ තියනවා ඇහුනා..
මම එනකොට කෙල්ල බණ්ඩිය උස්සන් රෙදි මදිනවා...මම පිටිපස්සෙන් ඇවිත් කෙල්ලව බදාගෙන ඒ බෙල්ල පාමුල ඉම්බා... සුද්දිට කිචි ඇඹරෙනවා....
# ගල් ඉබ්බෝ ඔය ඇති හවසටත් දෙන්න ඉතුරැ කරගන්න..
කෙල්ල මගෙ පැත්තට හැරිලා ටොක්කකුත් ඇනලා කන හප හපා කීවා...
# බා වෙන්න එපා කුක්කු ඩෝලේ ...මහත්තයා උම්මා ෆැක්ට්‍රියක්... ..
ඒම කියල ඒ තොල් පෙති හැපුවා... ඒ ඇස් දෙක පියවිලා මගෙ පහස විදගන්නවා... මම ඒ දිහා බලන් දෙතොල් අත් නොහැර හිටියා...
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
# සුදු මැණික බත් සුට්ටක් කවන්නකෝ පරක්කු උනා...
මම බොත්තම් දාන ගමන් අම්මට කතාකරා... කෙල්ලත් මගෙ පස්සෙන් පඩිපෙල බැහැගෙන ආවා...
# දැන්ද පරක්කු උනේ මහත්තයෝ දෙන්න තිබ්බ ඔක්කොම දුන්නද ආ...
අම්මා බත් එකත් අරන් එන ගමන් අහපු වචන නිසා කෙල්ලගෙ මූණ රතු උනා... අම්මටයි මටයි හිනා...
# බබී කෝ ටයි එක දාන්නකෝ....
අම්මා කෑම කවන අස්සේ මම කෙල්ලට කෑගැහුවා...
# යකෝ මේකගෙ වැඩ කරන්න දහයක් පහලොවක් ඕනෙනෙ නැද්ද සුදු දූ....
ඔන්න නැන්දම්මයි ලේලියි මාව බයිට් කරන්න පටන් ගත්තා...
# ඒකනේ අම්මේ..😂😂
කෙල්ල හිනා වෙවී ටයි එක දාල උම්මා එකකුත් දුන්නා... ඒ අස්සේ කටේ තිබ්බ බත් ඇටයකුත් අයින් කොරා...මම අම්මටයි අප්පච්චිටයි වැදලා යතුරත් අරන් යන්න හදද්දිම...
# මහත්තයෝ ඉන්නකො අනේ පොඩ්ඩක් ..
කෙල්ල බඩත් උස්සන් ඇවිදිද්දී අම්මේ ලස්සන.. මගෙ ලගට ආපු කෙල්ල පාත් උනා...
# දෙව් ...සුද්දියෙ වදින්න එපා බං... උම්මා එකක් දියන් ඒ ඇති... පරිස්සමෙන් ඉන්න රත්තරනේ ....
# මහත්තයෝ මේ ඉරිදවත් ගේ වටේ සුද්ද කරමුද අප්පච්චිටත් බෑනේ... ඩෙංගු වලට බලන්න එනවලු... ඔයාට දැන් කී දවසක් කීවද අප්පා
මමත් ඔලුව වනලා ... කාර් එකත් අරන් වැඩට ගියා... දහසක් වැඩ අස්සේ දවස ගෙවුනා... වෙනදා වගේ ගෙදර එනකොට ඉන්න කෙල්ල අද පේන්න නෑ...
# කෝ අම්මේ සුද්දි
මම අම්මගෙන් ඇහුවා...
# ඔන්න ඇග රිදෙනවා කියල නිදි... කොච්චර කීවත් අහන්නෑ... අදත් අර උදලු කෙටියක් එක්ක ඔට්ටු උනා..
අම්මා ආදරණීය නෝක්කාඩුවක් කීයල තේ කෝප්ප දෙකක් හදල දුන්නා....මම ඒකත් අරන් පඩිපෙල නැගල දොර අරිද්දි දැකපු දෙයින් හිත පිච්චුනා... කෙල්ල ගුලි වෙලා නිදි...
# මැණික මොකෝ උනේ ම්ම්ම්
මම ඔලුව අතගාල අහනකොට ඒ ඇස් ඇරැනා...
# කකුල් රිදෙනවා මහත්තයෝ
# පණ්ඩිත්කම් කරනවනේ... බේත් ගන්න යමුද...
# ඕන්නෑ අම්මා කොත්තමල්ලි දුන්නා මැණික ....
මේ විදිහට දවස් 03 උණ අඩු නොවුනා... අන්තිමට බ්ලඩ් රිපෝර්ට් එකක් බලන්න උනා..
# ඔහ් මයි ගෝඩ්
රිපෝට් එක බලපු ඩොක්ටර් පුදුමයෙන් ඉද්දි මට අමුත්තක් දැනුනා...
# ඇයි ඩොක්ටර්
# ඇයි අහන්නේ කවුන්ට් එක 49 බහිනකම් මොනාද කරේ..අදම ඇඩ්මිට් කරන්න පේෂන්ව...
මගෙ ඔලුව ගිනි ගත්තා.... දවස් 05 ගෙවීගියා..... මම එක දවසක් උදේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් උනේ අවුල් වුන සිතින්... වෙනදා ඉන්න ඇදේ සුද්දි නෑ....
# නර්ස් 14 ඇදේ පේෂන් කෝ...
මම අහද්දි නර්ස් මට වාට්ටුව බාර වෛද්‍යවරයා පෙන්වීය...
# mr.. නවරත්න අයි ඈම් සොරි ... අපි හැම උත්සහයක්ම ගත්තා....
අවසන් වචන ටික ඇහෙද්දී මට උන් හිටි තැන් අමතක විය.. වෛද්‍යවරයා පෙන්වූ දෙසට මම දිව ගියා... සුද්දි නිදන් ඉන්නවා....
# සුදු මැණික කුක්කු ඩෝලේ මැණික නැගිටින්නකෝ... මහත්තයෝ කියන්නකෝ... මැණික අන්න මල් පීස් රෙදි ගෙනාව මං...අපේ පුතුට ඇදුම් මහමුද???
මම සුද්දිට කතා කරද්දී ඈ නිසොල්මන්ව උන්නාය...
# ඩොක්ටර් කියන්නකෝ මේ කලු කෙල්ලට නැගිටින්න කියලා....
මම කියද්දී කට්ටියම මං දිහා බලන් හිටියා විතරය....
ඩෙංගු මදුරැවෙක් මගේ මැණිකවයි නූපන් පැටියයි මගෙන් උදුරා ගියේය ... මදුරැවා වැරදි නැත ... මමයි වැරදිකරැ... මදුරැවන් ඇතිකරපු... වටපිටේ හැඩි කරපු මමයි වැරදි කරැ...
ඇස් දෙක වගේ හිටිය සුද්දිව මරාගත්තේ මමයි...
නූපන් ලේ කැටියා මැරැවෙ මමයි....
ඩෙංගු මදුරැවෝ ඇතිකරේ මමයි..
ඒවා සුද්ද කරන්න වෙලාවක් නොතිබ්බේ මටයි...
මාව හිරේ දාපල්ලා මාවත් මරපල්ලා...
උඹලත් මං වගේ වෙන්න ඕන්නම් දොස්තරට රජයට බැන බැන මදුරැවෝ ඇති කරපල්ලා....😢😢😢
රෂ්මිත ඩිල්ෂාන්
හැදෙමු නේ..සුද්ද කරමුද වටපිට අදයි හෙටයි අනිද්දයි නිවාඩුනේ... වටපිට ගැන බලනෑ ගොඩක් උන්.. මොකද උන්ට වෙලාව නෑ ..අඩුම ගානේ කවරෙකේ ෆොටෝ එක බලන්නවත් වෙලාවක් නෑනේ... මදුරැවා දැක්කද😂😂

Comments

Popular posts from this blog

වැස්ස

එදා හරියට වැස්ස මට ගෙදරට යන්න විදිහක් තිබුනේ නෑ. මම සීතලේ තෙමි තෙමි පාරේ යන හැම " වීල්" එකකටම අත දැම්මා එකක් වත් නතර කලේ නෑ..අනේ මට හරි සීතලයි.. හරිම සීතලයි ඒ මදිවට මුළු ඇගම තෙමිලා. ලා නිල්පාට සාරීය හොදටම ඇගට ඇලිලා මට කාගෙවත් මූණවත් බලන්න ලැජ්ජයි.. මම එතනින් ටිකක් ඉස්සරහාට ගිහින් බැලුවා කවුරුවත් අදුරන කෙනෙක් ඉන්නවාද කියලා..එක පාරටම මගේ සාරිය පුරාවටම මඩ ඉහගෙන නතර කලේ ලස්සන සුදු පාට කාර් එකක්... " අනේ.....අහිංසා නංගි නේද " මට නුපුරුදු ඒත් හදවතට හුරු කටහඩක් කාර්එක ඇතුලෙන් ඇහුනේ මම මදක් ඒ දෙස බැලුවේ දන්න කෙනෙක්නම් ගෙරට යන්න පුළුවන් කියන හැගීමෙන්ය. " අනේ කුසල් අයියා...මෝඩයා කවදද ලංකාවට ආවේ " " ඊයේ ආවේ නංගි...කෝ නගින්න. මටත් පිස්සු කෙල්ල තෙමෙද්දි කතා කරනවා " හොදට වටපිට බලා මම කාර් එකට නැන්ගේ ලොකු සතුටකින්.මොකද දැන් බය වෙන්න දෙයක් නෑ...කාරය පිටුසප තිබූ පොඩි තුවායක් මගේ අතට දුන් කුසල් අයියා හොරහින් මං ගේ උඩ ඉදන් පහළටම බලන බව නම් මට හොදටම දැනුනි " අහිංසා.... දැන්ද off වුනේ......." " ඔව් අනේ......මේ වැස්ස මාව කෑවා " ...

ඉසු

සුපුරුදු විදියට මම සිංදුවක් කිය කිය නනා හිටියේ.. නාලා ඉතින් මම කාමරයට ගියා ගිය ගමන් අතට ගත්තේ ඇද උඩ තිබුනු මගේ phone එක msg 1k තිබුනා සුවර් එකට මගේ පන ඉසුරි වෙන්න ඇති...අම්මේ ඉතින් එයා මගේ ජීවිතේ මගේ 1 ආදරේ දැන් අපේ love එකට මාස 6ක් විතර... අම්බේ ඉක්මනට reply දාන්න ඕනේ නැත්තම් මගේ මැනිකට කේන්ති යනවා.. Isu bbi-: me nethuka mta oyawa danma hambenna one ikmnta api wenada hambena tanata enna. Mn 4 weddi enawa. කවදාවත් නැතුව එයා මට නෙතුක කියලා එවලා මගේ ආදරේ වැඩි කමට මගේ හිතට අමුත්තක් දැනුනා මම ඉක්මනට ඇදුමක් දාගෙන මගේ හුටු හුටුවත් අරගෙන මගේ බොක්කා රෝහිත්වත් දාගෙන මම හැටට හැටේ පාගේන පාක් එකට ගියා එතකොට මගේ පන ඇවිත් හිටියා එයාගේ යාලුවෙක් එක්ක ...මම එයා ලගට ගියා එයා මගෙන් අතින් අල්ලගෙන මාවත් ඇදගෙන අපි මුලින්ම හම්බුනු ඒ තැන ඒ බංකුව ලගට මාව එක්කගෙන ගියා.. නෙතුක මට දෙයක් කියන්න තියෙනවා .. ඇයි රත්තරනේ කවදාවත් නැතුව මගේ නම කියන්නේ .... නෙතුක මේ මම දැන් ඔයාගේ රත්තරං නෙමේ... ඒ වචනෙන් මගේ කන දෙදරන්නට වුනා මොකක්ද ඉසු ඒ කිව්වේ.. අයියේ මන් ඔයාට කැමති නැහැ ..මගේ ඇස් වලට කදුලූ ආවත් හිතේ දුක තද කරන්...

ආදරය...

ආදරය...  ------====------=====-------=====---- සුදු දෝණී... සුදු දෝණී...කෙල්ලගේ අම්මා කෑ ගහන සද්ද‍ේට ෆොන් එකේ වෝල් පේපර් එකට විරිත්ත විරිත්ත හිටපු කෙල්ල එලියට දුවගෙන ආවා කාමරෙන්... කී පාරක් කෑ ගැහුවාද ලමයෝ? කොයි ලෝකේද හිටියේ?? අම්මා කෝපයෙන් කෑ ගසද්දි කෙල්ල අම්මාගේ පිටිපස්සෙන් ඇවිත් කරවට අත් දෙක දමාගෙන හුරතල් වෙන්න පටන් ගත්තා.. කාමරේන‍ේ අම්මා.... වෙන කොහේ ඉන්නද සුදු අම්මී....කෙල්ල නැලවෙන්න පටන් ගත්තා.. ඔය ඉතින් මල කෝලම්... කෝ අර ලමයා කීයටද එනවා කිව්වේ?? අම්මා ඒ ගමන කෙල්ලගේ අත් දෙක බුරැල් කරලා තමන්ගේ මූණ ඉස්සරහාට කෙල්ලව ඇද ගන්න ගමන් ඇහුවා... එයා දැන් පැයකට විතර කලින් කතා කරද්දි නම් ඔෆිස් එකෙන් එලියට ආව ගමන් කිව්වා.. තවත් හදිස්සි ගමනක් ගිහින් ඒ ගමන්ම එන්නම් කියලා තමා කිව්ව‍ේ අම්මා රෑ කෑමටත් එක්ක... කෙල්ල අම්මාගේ අත් දෙක අල්ලගෙන ඩාන්ස් කරන්න වගේ නලවන ගමන් හිනාවෙවි කියද්දි අම්මාගේ මූණටත් හිනාවක් ඇදිලා ආවා.. අන්න මං සුදු කිරි එකක් හැදුවා... චූන් පාන් එකෙන් බනිස් වගයකුත් ගත්තා.. අර සායේ වාටිය මං පොඩ්ඩක් මහගන්නකල් දුව කිරි බීලා පහන පත්තු කරලා ඉන්නකෝ... කෙල්ලගේ අම්මා ම...